
(යොහාන් භාසුර)
ගුරු - විදුහල්පති විටුප් ප්‍රශ්නයට කඩිනම් විසඳුම් ඉල්ලමින් බස්නාහිර පළාතේ ගුරුවරු සහ විදුහල්පතිවරුන්ගේ සහභාගිත්වයෙන් කොළඹ ලිප්ටන් වටරවුමේදී ලබන 9 වැනිදා පස්වරු 2.00 ට දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා ‘ලංකාදීප’යට පැවසීය.
ගුරු - විදුහල්පති විටුප් ප්‍රශ්නයට විසඳුම් ඉල්ලමින් මේ වන විට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක යෙදී සිටින ලංකා ගුරු සංගමයේ ඇතුළු ගුරු සහ විදුහල්පති සංගම් රැසක සාමාජිකයන් විශාල සංඛ්‍යාවක් එදින කොළඹ පැමිණීමට නියමිත බව කී ජෝශප් ස්ටාලින් මහතා රජය ගුරු වැටුප් ගැටලුවට විසඳුම් දෙනවා වෙනුවට ප්‍රශ්නය වෙනත් අතකට හැරවීමට උත්සහ කරමින් සිටින බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතාරින්න එපා... අපි ඔබ සමගයි...
ඔව්... දැන් කොරෝනා මරණ අඩුයි. ආයේ නග්ගලා ගමු. අනේ මගේ කටට එන දේවල් පිටකරගන්න බෑනේ...
කොළඹ ඇවිත් හෝගාන පොකුණ බලලා අලි නාවන බේසම බලලා අව්වේ ටිකක් කරවෙලා යන්න. අපි වතුර පොල්කට්ටක්වත් ගහන්නේ නැහැ. ජනාධිපති තුමනී දෙන්නෙපා සතයක්.