(රංජන් කස්තුරි)
රජයේ පාසල්වල ගුරුවරු හා විදුහල්පතිවරු බ්‍රහස්පතින්දා(26) සහ සිකුරාදා(27) ලෙඩ නිවාඩු වාර්තා කර සේවයට නොපැමිණ සිටීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වෙති.
වැටුප් විෂමතා ඉවත්කිරීම, රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ යෝජනාව ඉවත්කිරීම, ගුරුවරුන් මත පටවා ඇති අනවශ්‍ය අමතර රාජකාරී ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් එම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බව ගුරු හා විදුහල්පති වෘත්තීය සංගම් සඳහන් කරයි.
මීට අමතරව එම දින දෙකෙහිදී උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතුවලින්ද ඉවත්වන බව එම සංගම් කියයි.
මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති 30ක් පමණ එක්ව සිටියි.
COMMENTS
ජ.වි.පෙ විනාශ කරේ නැත්තේ ගුරුවරු විතරයි. දැන් එකත් කරනවා. පාසල් ළමුන්ගේ සිට සියලුම දෙනාගේ ජීවිත පාරට අැදලා දානවා දේශපාලනය පවත්වාගෙන යන්න.
කෙලින් තීරණ ගන්න බැරි නායකයෝ රටක් කරද්දී හැමෝම වැඩ වර්ජන.රටක් අගාධයටමයි යන්නේ..
සාධාරණ බව පේනවා. පඩිය නම් සොච්චමයි. අපි දන්නා විදියට ගුරුවරුන්ට කරන්න ඉඩ නොදෙන එකම දෙය පන්ති වල උගන්වන්න ඉඩක් නැති එක. වෙනත් වැඩ වැඩියි.
වැස්ස හින්ද වෙන්න ඇති.