(රංජන් කස්තුරි)
ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත්කරන ලෙස ආණ්ඩුවට බලකරමින් ප්‍රදේශ හතරකින් කොළඹට රථ පෙළපාලියකින් පැමිණෙන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය කියයි.
මීගවුව පාරේ නවලෝක ක්‍රිඩාංගනය අසලින්, නුවර පාරේ කඩවත අධිවේගී පිවිසුම අලසින්, හයිලෙවල් පාරේ පන්නිපිටි ධර්මපාල විදුහල අසලින් සහ ගාලු පාරේ මොරටුව නගරයෙන් එම රථ පෙළපාළි ආරම්භ කරන බව ද එම සමිති සන්ධානය සඳහන් කරයි.
රථ පෙළපාළිය අද පෙරවරු 10 ට ආරම්භ කෙරෙන අතර දහවල් 12ට පමණ කොළඹට පැමිණ ජනාධිපති කාර්යාලය දක්වා ගමන් කරන බව ද ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයෝ පවසති.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.