(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකාවේ ග්‍රාමීය මාර්ග සංවර්ධන කටයුතු වෙනුවෙන් ලෝක බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක් ණය මුදලක් අනුමත වී ඇතැයි මහාමාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
ග්‍රාමීය හා ඊට අනුබද්ධිත කෘෂිකාර්මික සේවා දියුණු කීරීමට වෙනුවෙන් හිමිවන මෙම මුදල ඉතා කඩිනමින් ලැබෙනු ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.
COMMENTS
තවත් ණය අරගෙන ඔයතරම් සංවර්ධනය පස්සේ යන්නේ මොකද කියලා අපිට නම් තේරෙනවා ඇමැතියෝ... කාගෙත් මඩිස්සලේ තරවෙන මේ වැඩවලින්, මේ ගොල්ලන් නාස්ති කරන මුදල්වලින් ප්‍රයෝජනවත් වැඩකට යෙදෙව්වොත් කොච්චර වටිනවද?
සංවර්ධනය කරලා තිබෙන ග්‍රාමීය මාර්ග බොහොමයක් පිටින් ඔපේ යටින් හපේ... හැබැහින් සංවර්ධනය වන්නේ ලොකු ලොක්කන්ගේ සාක්කු පමණයි.
ගන්න මහත්තයෝ, හම්බවෙනවා නම් ඕනෑතරම් ණය ගන්න. ඒක තමයි අපට දැන් තියෙන එකම ආදායම.. ආපහු ගෙවන එක වෙනකවුරුහරි කරයිනේ.. කවදා හරි රටක් ඉතුරුවෙලා තිබුණොත්.
නොදකින්, බම්බුව තමයි දියුණුව...