(ඩයනා උදයංගනී)
රාජ්‍ය ආයතනවල සේවය කරන ගර්භනී මවුවරුන් සේවයට කැඳවීම අත්හිටුවීමට තීරණය කර ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.
පවතින කොවිඩ් වසංගත තත්වය සමඟ ගැබිනි මවුවරුන්ට වැඩි අවදානමක් පවතින බවට සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර ඇති බැවින් මෙම තීරණය ගත් බවත් ඊට අදාළ චක්‍රලේඛය හෙට (10) නිකුත් කරන බවත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා කියයි.
මීට අමතරව පවතින කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් රාජ්‍ය සේවයේ අත්‍යාවශ්‍ය සේවා අවම සේවක සංඛ්‍යාවක් යටතේ පවත්වාගෙන යෑමට අමාත්‍යාංශ ලේකම්වරුන්ට, දෙපාර්තමේන්තු සහ ආයතන ප්‍රධානීන්ට අවසර ලබා දීමට ද මෙම චක්‍රලේඛය මගින් කටයුතු කරන බව රත්නසිරි මහතා සඳහන් කරයි.
COMMENTS
රජය ගත්ත හොද තීරණයක් බොහොම අගෙයි. පුද්ගලික අංශයත් මෙ දේම කරන්න ඕනේ...
එතකොට පුද්ගලික අංශයේ ගැබිණි මවුවරු කොවිඩ් හැදිලා මැරුණට කමක් නැද්ද? රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්තුමා නම් රජයේ සේවය කරණ ගැබිණි මවුවරුන් ගැන බලනවා. කම්කරු අමාත්‍යංශයේ ලේකම් තුමා කෝ? එහෙම බලනවා පුද්ගලික අංශයේ ගැබිණි කාන්තාව ගැන. කම්කරු ඇමතිතුමා නම් නිතරම නිදිනේ...
මේක පුදුම රටක්