IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ගුරුකන්ද විහාරයේ නඩු තීන්දුව අප්‍රේල් 22 ට කල් යයි

(රොමේෂ් මධුෂංඛ)

මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරය හා දේපාර්ශවයක් අතර ඇතිවූ සාමය කඩවීමක් සම්බන්ධයෙන් මුලතිව් අධිකරණයේ දී ගොනුකර ඇති නඩුවේ තීන්දුව අද (28) ලබාදීමට තිබුණ ද එක් පාර්ශවයක් පෙනී නොසිටීම හේතුවෙන් ලබන අප්‍රේල් 22 වැනි දා දක්වා කල්දැමීමට මුලතිව් මහෙස්ත්‍රාත් එස්.ලෙනින් කුමාර් මහතා නියෝග කළේය.

අදාළ නඩුවේ එක් පාර්ශවයක් වූ මුලතිව් ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති කොළඹ මේධාලංකාර කිත්ති හිමියන්ට අසනීප තත්වයක් හේතුවෙන් රෝහලගත වී ප්‍රතිකාර ලබන හෙයින් නඩු වාරයට පෙනී සිටීමට නොහැකි බවට මුලතිව් මහෙස්ත්‍රාත්වරයාට දැනුම් දීමෙන් පසුව මහෙස්ත්‍රාත්වරයා විසින් නඩු තීන්දුව දීම අප්‍රේල් 22 වැනිදාට කල් දැමීමට නියෝග කළේය.

පෙබරවාරී 12 වැනි දා මුලතිව් ගුරුකන්ද රජමහා විහාර භූමිය සම්බන්ධයෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වරයාගෙන් වාර්තාවක් කැඳවා තිබූ අතර ඒ අනුව පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් මහාචාර්ය පී.බී.මණ්ඩාවල මහතා විසින් මුලතිව් අධිකරණයේ දී පෙනී සිටිමින් අදාළ වාර්තාව ඉදිරිපත් කරමින් පැවසුවේ මුලුතිව් නයාරු ගුරුකන්ද පුරාණ රජමහා විහාරය පුරාවිද්‍යා පනත මගින් නියාමනය වන පුරාවිද්‍යා ස්ථානයක් බවත් ගුරුකන්ද රජමහා විහාරය පවතින ස්ථානයේ මුලතිව් කෝකිලායි මාර්ගය දෙපසම මැනුම්ගත කරන ලද පුරාවිද්‍යා ස්මාරකයක් සහිත ප්‍රදේශයක් වන බවයි.

කෙසේ වෙතත් මේ වන විට මුලතිව් අධිකරණයේ ගුරුකන්ද රජමහා විහාරය සම්බන්ධයෙන් මුලතිව් පොලීසිය මගින් නඩු දෙකක් ගොනු කර ඇති අතර ඉන් අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 81 වගන්තිය යටතේ පාර්ශවයන් දෙකක් අතර සාමය කඩවීම වලක්වාලීමට බැඳුම්කරයකට අත්සන් කළ යුතු ද නැද්ද සම්බන්ධයෙන් වූ නඩුව හා පුරාවිද්‍යා භූමියකට ඇතුළු වී ස්වාමීන් වහන්සේට බැන තර්ජනය කර පුරාවිද්‍යා භූමියේ කැනීමක් කළ බවට වූ බී වාර්තාව දෙවන නඩුවයි.

පසුගිය ජනවාරී 14 වැනි දා ගුරුකන්ද පුරාණ රජමහා විහාර භූමියට අනවසරයෙන් පිරිසක් ඇතුළු වී මුල් ගලක් තැබීමකට සැරසීම නිසා ඇති වූ නොසන්සුන්තාවයක් හේතුවෙන් මුලතිව් පොලීසිය විසින් අදාළ නඩු ගොනු කර තිබිණි.  

 



අදහස් (0)

ගුරුකන්ද විහාරයේ නඩු තීන්දුව අප්‍රේල් 22 ට කල් යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 639 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site