(සුජිත් හේවාජුලිගේ)
මත්පැන් බලපත්‍ර 150 ක් පසුගිය වසරේදී (2021) ලබාදී ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
මින් බලපත්‍ර වැඩිම ප්‍රමාණයක් නිකුත් කරනු ලැබ ඇත්තේ සංචාරක මණ්ඩලයේ අනුමත හෝටල් සහ අවන්හල් සඳහාය. එම සංඛ්‍යාව 81කි.
ඊට අමතරව සුපිරි වෙළෙඳසල් සඳහා බලපත්‍ර 69 ක් පසුගිය වසරේදී නිකුත් කර ඇතැයි සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.
කෙසේ වෙතත් සාමාන්‍ය මත්පැන් අලෙවිසල් ( නගරවල) විවෘත කිරීමට එකම බලපත්‍රයක් හෝ 2015 වසරෙන් පසු නිකුත් කර නැතැයිද හෙතෙම සඳහන් කළේය.
මේ අතර මත්පැන් අලෙවිසල්වල මත්පැන් බෝතල්වල ස්ටිකර් හෝ ඩිජිටල් සලකුණු ඇතුළත් කිරීමේ කටයුතු ලබන සතියේදී අරඹන බව පැවසූ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා මත්පැන් නිෂ්පාදනාගාරවල මත්පැන් බෝතල්වල ස්ටිකරය ඇලවීමේ කටයුතු ආරම්භ කර කරගෙන යන බවද පැවසුවේය.
ලබන අප්‍රේල් මස 1 වැනිදායින් පසු මෙරට වෙළෙඳපොළේ ස්ටිකරය හෝ ඩිජිටල් සලකුණ නොමැති මත්පැන් බෝතල් තිබිය නොහැකි බවත් බදු නොගෙවන සහ ප්‍රමිතියක් නැති මත්පැන් බෝතල් වෙළෙඳපොළට පැමිණීම වැළැක්වීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ බවත් ගුණසිරි මහතා කීවේය.
ප්‍රමිතියක් නැති මත්පැන් බෝතල් සියයට හතක් පමණ වෙළෙඳපොළේ පවතිය හැකි බව ඔහු වැඩිදුරටත් පැවැසීය.
COMMENTS
ප්‍රමිතියෙන් අඩුවුණාට කමක් නැහැ... වෙරි වෙනවා නම්..!!!
ජොනියට ජයවේවා..!!!
අනේ අපේ හාමුදුරුවනේ... මොකද මේ වෙන්නේ... දැන් සැපද..?
සෞභාග්‍යය දැක්මේ තවත් ප්‍රතිඵලයක්....
රටේ ආහාර, ඛනිජ තෙල්, ගෑස් හිඟවුණත්, ආදායම් මාර්ග නැතිවෙලා ගියත් මත්පැන් ටිකක් අරගත්තාම ඒ ප්‍රශ්ණ අමතක කරන්න මත්පැන් ටිකක් තොලගාගන්න අලෙවිසැල් නැතිකම විශාල අඩුපාඩුවක් වෙලා තිබුණු නිසා රජය විසින් ගනුලැබූ කාලෝචිත පියවරකි...
ඒ කාලේ කිව්වේ නම් කොහොමද? මතට තිත කියලා.
මතට තිතද? තිතට මතද මන්දා...? වෙරි හින්දා හිතාගන්න බැහැ.
ගම් මට්ටමේ නිෂ්පාදනය කරන දේ අතමිට හිඟ අයත් තරමක් හැකියාව ඇති අය ඔවුන්ගේ කටයුතු සඳහා පාවිච්චියට ගන්නවා. ගම් මට්ටමේ රැකියා නැති ආදායම් නැති දේශපාලන ශක්තියත් තියෙන අය නිෂ්පාදනය කරනවා. මේවාටත් ප්‍රමිතියකින් නියමකර රටේ ආර්ථිකය දුප්පත් මේ කාලයේ ඔවුන්වත් ලියාපදිංචි කළොත් නරකද?
මෙම ලයිසන් ක්‍රමයෙන් ඇති වන්නේ කළු ආර්ථිකයක්. අනික් රටවල් වගේ මත්පැන් බෝතලයකට බදු අයකරමින් නීතියානුකූල ඕනම වෙළඳසැලකින් විකිණීමට පහසුකම් සැපයීම හොඳ දෙයක්. රජය ආර්ථික කටයුතු මෙහෙය විය යුතු අතර ආගමික සංස්ථා මඟින් රටේ සදාචාරය ඇති කිරීමට කටයුතු කළ යුතුයි. ආගම් මගින් කළ යුත්තේ පුද්ගලයා දියුණු කිරීම මගින් ඔහුගේ දුසිරිතක් අඩු කිරීමයි.
අර බෙන්ස්වලට, කුලපතිකම්වලට ගෝඨාභයගේ පස්සෙන් යන අයට මේවා පේන්නේ නැද්ද මන්දා...
කියන්නේත් බෞද්ධ රට කියලා...
බාර්වලට ලයිසන් දුන්නාට, ඕවට නොයන අයත් ඕනෑතරම් ඉන්නවා. ගම්වල හොරෙන් පෙරන තැන්වලට යන අය... පොලිසියෙන් ඇල්ලුවාම පගාව දීලා බේරෙනවා...
මතට තිත කිවුවාට බාර් වලට තිත කිවුවේ නෑ නේ.අපිටයි වැරදුනේ 74 % ක් බෞද්ධයෝ ඉන්න රටක් කියන්නේ ඒ වෙනුවට 74% බාර් තියෙන රට කිවුවානම් හොඳයි
සෞභාග්‍යයේ දැක්ම කොහොමද
අනර්ඝයි ,සුභපැතුම්