(නිමන්ති රණසිංහ)

රුසියාවේ මොස්කව් නුවරදී පැවැති 58 වැනි ජාත්‍යන්ර හමුදා බොක්සිං ක්‍රීඩා තරගාවලියේදී කාන්තා කිලෝග්‍රෑම් 75 බර පන්තිය යටතේ තරග වැදුණු නායක ගුවන් කාන්තා ගයානි කලුආරච්චි ලෝකඩ පදක්කමක් දිනාගත්තාය.

මෙවැනි ජාත්‍යන්තර බොක්සිං ක්‍රීඩා ඉසව්වක ශ්‍රී ලාංකික ක්‍රිඩිකාවක් ලෝකඩ පදක්කමක් ලබාගත් ප්‍රථම අවස්ථාව මෙයයි.

නායක ගුවන් කාන්තා ගයනි කලුආරච්චි කිfාල් ග්‍රෑම් 75 බරපන්තිය ටතේ ආරක්ෂක සේවා බොක්සිං තරගාවලිය 2018, ලේටන් කප් බොක්සිං තරගාවලිය 2019 සහ ක්ලිපර්ඩ් කප් බොක්සිං තරගාවලිය 2019 යන තරගවලින් ජයග්‍රහණය කරමින් ජාතික හා ජාත්‍යන්තර තරග අත්දැකීම් ලත් ක්‍රීඩිකාවකි.

ජාත්‍යන්තර බොක්සිං ක්‍රීඩා ඉසව්වකදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සහ මව්බිමට කීර්තියක් හා ගෞරවයක් ගෙන දුන් ගයානි ගලුආරච්චි බොක්සිං ක්‍රීඩිකාවට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ද සුබ පැතුම් එක්කර ඇත.