(රංජන් කස්තුරි)

දිවයිනේ සියලුම ග්‍රාමනිලධාරී වසම්වල කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා කීවේය.

මේ වනවිට දිවයිනේ සෑම ග්‍රාමසේවා වසමකම කාබනික පොහොර නිෂ්පාදකයකු බැගින් හඳුනාගෙන ඇති බවද රාජ්‍ය ඇමතිවරයා කීවේය.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තුමේන්තුවද කාබනික පොහොර නිෂ්පාදනයට එක්වෙමින් මිහින්තලේ වෙල්ලාරගම ගම්මානයේ කාබනික පොහොර නිෂ්පාදනාගාරයක් ආරම්භකර තිබෙන බවද ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.

ගම්මට්ටමින් නිෂ්පාදනය කරන කාබනික පොහොර රජය මගින් මිලදී ගැනීමට අපේක්ෂා කරන බවද රාජ්‍ය ඇමතිවරයා කීය.