(නිමන්ති රණසිංහ)

කොරෝනා ව්‍යාප්තිය අවධානම් ප්‍රදේශ කීපයක් අද (29) උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ වැල්ලම්පිටිය පොලිස් බල ප්‍රදේශයේ කොළොන්නාව සිංහපුර ග්‍රාම නිලධාරී වසමේ සංහින්දසෙවන නිවාස සංකීර්ණය හැර සෙසු ස්ථාන හුදකලා කර තිබේ.

ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය පොලිස් බලප්‍රදේශයට අයත් ගල්බොරැල්ල 100වත්ත ග්‍රාම නිලධාරී වසම ද හුදකලා කළ බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

එමෙන්ම තවත් දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ රැසක් හුදකලා භාවය ඉවත් කර තිබේ.

එලෙස හුදකලා බවින් මුදා හළ ප්‍රදේශ පහතින් දැක්වේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ පොලිස් බල ප්‍රදේශයේ කළුදමද, කපුගස්තලාව, වීරපුර, පහළ ගොරකඔය යන ග්‍රාම නිලධාරී කොට්ඨාශ, ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම පොලිස් වසමේ යටිහේන ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ පොල්හේන පාර, ලේක් විව් පාර, යෝජනා මණ්ඩල පාරේ වැව පාරට හැරෙන තෙක් ප්‍රදේශය, මීගහවත්ත පොලිස් බල ප්‍රදේශයේ සියඹලාපේ වත්ත ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ පහත දැක්වෙන ස්ථාන හැර සෙසු ස්ථාන හුදකලා බව නිදහස් කරයි ඇත. එම ප්‍රදේශයේ තවදුරටත් හුදකලා කර ඇති ස්ථාන වන්නේ, වසන්ත මාවත, දේවාල පාර, ආරියදාස විතානගේ මාවත, ආරියදාස විතානගේ මාවත අවසන් වන ස්ථානය, සියඹලාපේ වත්ත කඳු ගොඩ පාර, ගාල්ල දිස්ත්‍රික්කයේ ඉඳුරුව පොලිස් බල ප්‍රදේශයේ පොල් තුඩුව ගම , අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරෙයි පොලිස් බල ප්‍රදේශයේ මීරවෝදි නැගෙනහිර 207 ප්‍රදේශය, මඩකලපුව දිස්ත්‍රික්කයේ වාලච්චේන පොලිස් බල ප්‍රදේශයේ මැන්වකෝලයි, බදුරලිය 207 ඒ ග්‍රාම සේවා කොට්ඨාශ මෙසේ හුදකලා කර ඇත.