අඹන්පොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු ග්‍රාම නිලධාරී එස්.එම්.කේ.පී සපු කුමාර මහතා රාජකාරියට යන අවස්ථාවේ දී ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය දක්වමින් දිවයිනපුරා ග්‍රාම සේවා නිලධාරීහු අද පෙරවරුවේ නිහඬ උද්ඝෝෂණයක නිතර වූහ.
මහව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්රාමධාරීන් මුල් කරගනිමින් මෙම නිහඩ විරෝධතාවය දිවයින පුරා සංවිධානය කර තිබුණි .
මේ සම්බන්ධයෙන් අදහස් දැක් වු සමස්ත ලංකා එක්සත් ග්‍රාමනිලධාරීන්ගේ සංගමය සභාපති කමල් කිත්සිරි මහතා හුදෙකලා රාජකාරියෙන් අතෘප්තියට පත් වූ පුද්ගලයකු කළ ක්‍රියාවක් නිසා නිහඬව රාජකාරි කළ ග්‍රාම නිලධාරීවරයකු ජීවිතයෙන් සමු ගැනීමට සිදු වුණා .
රාජ්‍ය නිලධාරියෙක් විදිහට තමන් සතු රාජකාරිය පමණයි කරන්නේ .ඇති අන පනත් චක්‍රලේඛ වලින් ඔහුට පැවරී ඇති රාජකාරි ඔහු සිදු කරන කොට අගතියට පත් වන පාර්ශව විසින් මේ ආකාරයෙන් නීති අතට අරගෙන කටයුතු කිරීම සංගමය විදියට හෙළා දකිනවා .
රාජකාරියේදී නිලධාරියා ගැන තෘප්තිමත් නොවෙනවා නම් පැහැදිලිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන් . ඔහු ඝාතනය කිරීම තුළින් රටේ ප්‍රශ්නත් ඔහුගේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ .
ග්‍රාම නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම රජයේ වගකීමක්.මිය ගියාට පසුව ශෝක දැන්වීම් ,විරෝධතා සිදුකිරීමෙන් පමණක් මේ ප්රශ්නය විසඳන්න බැහැ .සපු කුමාරලා වගේ පිරිසක් මේ වන විට ජීවිත පූජා කරලා තියෙනවා.ඉදිරියට රාජ්‍ය නිලධාරීන්ට මෙවැනි කරදරයකට මුහුණ පාන්න අවස්ථාව දෙන්න එපා කියන එකයි රජයෙන් හා සිවිල් ජනතාවට කියන්න තියෙන්නෙ .
(සජීවා කෝට්ටේගොඩ)


පාලිත ආරියවංශ

COMMENTS
මිනී මරුම නම් ඉතා සෝචනීයයි .නමුත් මෙහෙම විරෝධය පාලා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ ?
මෙම මෙලෙච්ච මිනීමරුවන්ට කැලෑ නිතිය ක්‍රියාත්මක වේවා.........
කොන්ත්‍රාත් ක්‍රමයට මිනී මරණ කණ්ඩායම් අනුකම්පා විරහිතව විනාශ කල යුතුය
මාධ්‍යයෙන් කිව්ව විදියට පුද්ගලික ආරවුලක්