IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ගම්මුලාදෑනි ඝාතනයට රට පුරා විරෝධයක්

අඹන්පොල ප්‍රාදේශීය ලේකම්  කාර්යාලයේ සේවයේ නියුතු ග්‍රාම නිලධාරී එස්.එම්.කේ.පී  සපු කුමාර මහතා රාජකාරියට යන අවස්ථාවේ දී ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය දක්වමින් දිවයිනපුරා ග්‍රාම සේවා නිලධාරීහු අද පෙරවරුවේ නිහඬ උද්ඝෝෂණයක නිතර වූහ. 

මහව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  ග්‍රාමධාරීන් මුල් කරගනිමින් මෙම  නිහඩ විරෝධතාවය දිවයින පුරා සංවිධානය කර තිබුණි .

මේ සම්බන්ධයෙන් අදහස් දැක් වු සමස්ත  ලංකා එක්සත් ග්‍රාමනිලධාරීන්ගේ  සංගමය සභාපති කමල් කිත්සිරි මහතා  හුදෙකලා රාජකාරියෙන් අතෘප්තියට පත් වූ පුද්ගලයකු කළ ක්‍රියාවක් නිසා  නිහඬව රාජකාරි කළ ග්‍රාම නිලධාරීවරයකු  ජීවිතයෙන් සමු ගැනීමට සිදු වුණා .

රාජ්‍ය නිලධාරියෙක් විදිහට තමන් සතු රාජකාරිය  පමණයි කරන්නේ .ඇති අන  පනත් චක්‍රලේඛ වලින් ඔහුට පැවරී ඇති රාජකාරි ඔහු සිදු කරන කොට අගතියට පත් වන පාර්ශව විසින් මේ ආකාරයෙන් නීති අතට අරගෙන කටයුතු කිරීම සංගමය විදියට හෙළා දකිනවා .

රාජකාරියේදී නිලධාරියා ගැන තෘප්තිමත් නොවෙනවා නම් පැහැදිලිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන් . ඔහු  ඝාතනය කිරීම තුළින් රටේ ප්‍රශ්නත් ඔහුගේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ .

ග්‍රාම නිලධාරීන්ගේ  ආරක්ෂාව තහවුරු කිරීම  රජයේ වගකීමක්.මිය ගියාට පසුව  ශෝක දැන්වීම් ,විරෝධතා සිදුකිරීමෙන් පමණක් මේ ප්‍රශ්නය විසඳන්න බැහැ .සපු කුමාරලා වගේ පිරිසක් මේ වන විට ජීවිත පූජා කරලා තියෙනවා.ඉදිරියට රාජ්‍ය  නිලධාරීන්ට මෙවැනි කරදරයකට මුහුණ පාන්න  අවස්ථාව දෙන්න එපා කියන එකයි රජයෙන් හා සිවිල් ජනතාවට කියන්න තියෙන්නෙ .

(සජීවා කෝට්ටේගොඩ)

පාලිත ආරියවංශ 



අදහස් (4)

ගම්මුලාදෑනි ඝාතනයට රට පුරා විරෝධයක්

Perera Thursday, 07 October 2021 01:17 PM

මිනී මරුම නම් ඉතා සෝචනීයයි .නමුත් මෙහෙම විරෝධය පාලා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ ?

:       9       4

Raveendra Thursday, 07 October 2021 01:56 PM

මෙම මෙලෙච්ච මිනීමරුවන්ට කැලෑ නිතිය ක්‍රියාත්මක වේවා.........

:       2       8

bandula gun Thursday, 07 October 2021 01:59 PM

කොන්ත්‍රාත් ක්‍රමයට මිනී මරණ කණ්ඩායම් අනුකම්පා විරහිතව විනාශ කල යුතුය

:       0       13

Chandana Thursday, 07 October 2021 06:08 PM

මාධ්‍යයෙන් කිව්ව විදියට පුද්ගලික ආරවුලක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 114 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2036 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site