
( රොමේෂ් ධනුෂ්ක සිල්වා )
ගම්පහ නගරයේ වෙළඳසැල් ආශ්‍රිතව කෝවිඩ් 19 ආසාදිතයන් 58 දෙනකු හමුවීමත් සමඟම අද (11) උදෑසන සිට ගම්පහ නගරයේ සියලුම කඩ සාප්පුවල සේවයේ නියුතු සියලුම සේවකයන් පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කෙරිණි.
නගරයේ බොහොමයක් වෙළෙඳසල් මේ වනවනවිටත් වසා දමා ඇති අතර පී.සී.ආර් පරීක්ෂණ 1000 පමණ අද දවස ඇතුළත සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් එහි ප්‍රතිඑල අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ගම්පහ මහ නගර සභාව පවසයි.
අද උදෑසන 7.30 පමණ සිටම වෙළෙඳුන් සහ ආයතන සේවකයන් පී.සී.ආර් පරීක්ෂණ සිදු කර ගැනීමට ගම්පහ දුම්රිය ස්ථානය ඉදිරිපිටට පැමිණීමෙන් දිගු පෝලිම් දැක ගත හැකි විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd