( තිළිණි ද සිල්වා )
රාජ්‍ය ආයතනවල වංචා දුෂණ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති විමර්ශන කොමිසම් සභාව හමුවේ අද (13) දින පෙනී සිටීමේ හැකියාවක් නොමැති බවට බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණි ජයවික‍්‍රම පෙරේරා මහතා එම කොමිසම වෙත දැනුම්දීමක් සිදුකර තිබේ.
මහපොළ ශිෂ්‍යත්ව බාරකාර අරමුදලේ සිදුව ඇති වංචා දුෂණ සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලට අදාළව සාක්කි ලබාගැනීම සදහා අද දිනයේ කොමිසම හමුවට පැමිණෙන්නැයි අමාත්‍යවරයාට නියෝග කර තිබිණි.
කෙසේ වෙතත් තමන්ට අද දිනයේ පෙනී සිටීමේ හැකියාවක් නොමැති බැවින් ඒ සදහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස ගාමිණි ජයවික‍්‍රම පෙරේරා අමාත්‍යවරයා ඉල්ලීමක් කර ඇති බවත් , ඒ අනුව වෙනත් දිනයක් එම අමාත්‍යවරයාට ලබා දීමට කොමිසම කටයුතු කරනු ඇතැයි ජනාධිපති විමර්ශන කොමිසම් සභාවේ ප‍්‍රකාශකයෙක් සඳහන් කළේය.
COMMENTS
අවුරුදු 5ක් තිස්සේ 2020 ජනපතිවරණයක් එන බව දැනගෙන ඉඳලත් තම මෙහෙමනම් මෙයාලගේ රට පාලනය කරන ඉදිරි සැලසුම් මොනවද කියලත් හිතාගන්න පුළුවන්. මෙච්චර කල් කරලා තියෙන්නේ එදා වේල හොයාගෙන ජනතාවට කන්න දීපු එක තමයි. අර කුලීවැඩ කාරයෙක් උදේට නැගිටලා වැඩක් හොයන් පාර දිගේ යනවා වගේ. කිසිම ස්ථිර ප්‍රතිපත්තියක් නැහැ.
යන්න නම් එපා, යාපනේ පුස්තකාල ගිනි තියපුවා, කණාටු පොල් ඉඩම් හුවමාරු කරගත්තු එව්වා ගැනත් අහනවලු...
බාලගිරි අද නෙවෙයි හෙට කිව්වා වගේ ගාමිනිත් අද නෙවෙයි හෙට කියමුකෝ
බෑ බෑ මට එන්න බෑ...නෑ නෑ මම යන්නෙ නෑ...