(සුජිත් හේවාජුලිගේ )
ගැබිනි මවුවරුන් සඳහා ෆයිසර් සහ මොඩර්නා එන්නත් ලබාදීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලන ලෙස පවුල් සෞඛ්‍ය කාර්යංශය, සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර ඇත.
ගැබිනි මව්වරුන් සඳහා මෙතෙක් ලබා දෙන්නේ සයිනෝෆාම් එන්නත පමණකැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවාය.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වීමෙන් ගැබිනි මවුවරු 13දෙනෙක් මිය ගොස් සිටිති .
මෙයට අමතරව ගැබිනි මවුවරුන් 2500කට ආසන්න පිරිසකට මේ දක්වා කොවිඩ් ආසාදනය වී ඇත.
මවුවරුන් 175දෙනෙකු කොවිඩ් ආසාදනයවීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවද චිත්‍රමාලිද සිල්වා මහත්මිය පැවසුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd