(අජන්ත කුමාර අගලකඩ)
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගෙන මුහුදුබත් වීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ ධීවර පවුල් සඳහා තාවකාලික පියවරක් ලෙස රුපියල් 5000 ක විශේෂ දීමනාවක් ගෙවීමට රජය තීරණය කර ඇත.
ගම්පහ ,කොළඹ සහ කළුතර යන දිස්ත්‍රික්කවල ජීවනෝපාය අහිමිව වූ පුද්ගලයන් 16,724 දෙනකු සඳහා මෙම පන්දාහේ විශේෂ දීමනාව ගෙවීමට නියමිත අතර ,ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් අටකෝටි තිස් හය ලක්ෂ තිස් දහසක් බව ධීවර අමාත්‍යාංශය සඳහන් කරයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 12,416 දෙනකුට ද , කොළඹ දිස්ත්‍රික්කයේ 3,521 දෙනකුට සහ කළුතර දිස්ත්‍රික්කයේ 787 දෙනකුට මෙම සහන දීමනාව ගෙවීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝටි ගාණක් වන්දි අරගෙන, ජීවනෝපාය අහිමි වුණු ධීවරයින්ට රු 5000... ? ඉතුරු ටිකට "බඩු බනිස්" ද?