(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කොට්ටුකච්චිය වෙල්යාය හා කිරල් ඔය අසළට ආ වල් අලි 15ක පමණ රංචුවක් අද සවස පලවා හැරීමට පුත්තලම අලි පාලන ඒකකයේ නිලධාරීහු පැය ගණනාවක උත්සහයක නිරත වූහ.
අලි රංචුව කොට්ටුකච්චිය 10 කණුව වෙල්යායේත් කිරල් ඔය ආසන්නයේ කැලෑවෙත් සැරිසැරීමත් සමඟ අවට ගම්මානවල ජනතාව දැඩි භීතියට පත්ව පත්ව තිබිණි.
එම අලි අංචුව පෙර දින රාත්‍රියේ දඅවට ගම්මාන වලට කඩා වැදී වගාවන් විනාශ කර දමා තිබූ බව ගම්මු පවසති.
මේ දිනවල අවට ප්‍රදේශවල කුඩා වැව් හා ඇළදොළවල ජලය සිඳී යාමත් සමඟ අලි ගම් වැදීමට පටන් ගෙන ඇති බව අලි පාලන ඒකකයේ ස්ථානාධිපති අඩවි ආරක්ෂක නවරත්න බණ්ඩාර මහතා පැවසීය.





COMMENTS
අලි ඉස්සරහට ගම්වදිවී. ඔවුන් එලවා දැමීමට ජනතාව දැන්මතියා සූදානම් වියයුතුයි.
සතුන්ටත් පිපාසය උණුසුම දරා ගන්න බැරිව ඇති. ජලය ලබා දීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න .
ඇළදොලවල ජලය සිඳී ගිහිල්ල නම් වතුර බොන්න කොහේ හරි යන්න ඕන නේද?
මහ වේලි, කළු, කැළණි, සහ අනකුත් ගංගා නිකරුනේ මුහදට ගලාබසී. නරකද කරාම වියළි කලාප වලට, හපුතලේ සිට මොරටුවට පීප්ප මගින් වතුර දෙන්න පුළුවන් නම්, උස්සා කරමු වැඩක් කරන්න... අපේ බලු දේශපාලනය අතුගා දමමු.
අලින්ට වතුර බොන්න වතුර තියෙන තැන් හොයාගෙන යනකොට උන්ව එලවන්න යනඑක මානුෂිකද? මිනිස්සු ගස් කපනවා. වනාන්තර ගිනි තියනවා. අන්තිමට පොළොවේ තියෙන වතුර අඩුවෙලා වැව් හිඳෙනවා. පායන කාලෙට උන්ට වතුර බොන විදියේ වැඩපිළිවෙලක් යොදන්න. පිපාසෙන් යන සත්තුන්ව එලවන්න කලින්. දැන් නම් මිනිස්කම කියන එක නැතිවෙලාම ගිහිල්ලා...