(එච් එම් ධර්මපාල) 

කළුබෝවිල ආසිරි මාවතේ දී ඊයේ (10) රාත්‍රී මෝටර් රථයක් ගිනිගැනීමෙන් ඒ තුළ සිට මියගිය, පානදුර පදිංචි 31 හැවිරිදි මොහොමඩ් නෂාර් මොහොමඩ් නෂීර්ගේ මරණය සම්බන්ධයෙන් ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (11) පෙරවරුවේ ගල්කිස්ස වැඩබලන මහේස්ත්‍රාත් රත්නා ගමගේ මහත්මිය විසින් සිදුකරනු ලැබූවාය.

රජයේ රස පරීක්ෂකවරයා විසින් කාර් රථය පරීක්ෂා කරන ලදි. 

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ කොහුවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක හැරිසන් හෙට්ටිගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.