IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ගිනිගත් නැව නිසා පීඩාවට පත් ධීවරයින්ට

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් සිදු වූ විනාශයට වගකිවයුතු සියලු පුද්ගලයන් ට එරෙහිව කඩිනමින්  නඩු පැවරීමට  පියවර ගන්නා ලෙසත්   සහ එම නැව ගිනි ගැනීම නිසා පානදුර සිට මීගමුව දක්වා මුහුදු තීරයේ මසුන් මැරීමේ කටයුතු අත් හිටුවීම ට ගත් තීරණය නිසා  පීඩාවට පත් සෑම ධීවරයකුටම රුපියල් ලක්ෂ 5 ක් බැගින් වන්දි ගෙවන ලෙස  ඉල්ලා ගොනු කල පෙත්සම් දෙකක්  ලබන නොවැම්බර් මස 09 වැනිදා සලකා බැලීමට  ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) තීරණය කලේය.

එම නැව  අයත් සමාගමේ දේශීය  නියෝජිතවරයා වගඋත්තර කරුවකු  ලෙස   නම්  කිරීම   ඇතුළුව  කරුණු  කිහිපයක්  ඇතුළත් කර පෙත්සම සංශෝධනයට   අවසර  දෙන ලෙස පෙත්සම්කාර පාර්ශවය කල ඉල්ලීම ද පිළිගත් අධිකරණය සතියක් තුළ සංශෝධිත පෙත්සම් ඉදිරිපත් කරන ලෙස නියම කළේය.

ප්‍රීති පද්මන් සූරසේන , යසන්ත කෝදාගොඩ, මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් කැඳවනු ලැබිණි.

මෙම  නැව සම්බන්ධයෙන් පෙත්සම් කිහිපයක්  ලබන 09වැනිදා  කැඳවීමට නියම කර ඇති අතර මේ  බැවින් මෙම  සියලු පෙත්සම්  එදින   කැඳවන ලෙස නැව් සමාගම වෙනුවෙන් පෙනී සිටි  ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා එහිදී  ඉල්ලීමක් කලේය. 

සියලු කරුණු සලකා බැලූ අධිකරණය පෙත්සම ලබන නොවැම්බර් මස 09 වැනිදා සලකා බැලීමට දින නියම කෙරිණි.

මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන සරත් ඉද්දමල්ගොඩ පියතුමා,  වෘත්තීය ධීවරයින් දෙදෙනෙකු වන ඩබ්ලිව්. ගාමිණී ප්‍රනාන්දු , වර්ණකුලසූරිය ක්‍රිස්ටෝපර් සරත් ප්‍රනාන්දු  සහ පරිසර විද්‍යාඥවරියක වන ආචාර්ය අජන්තා පෙරේරා සහ ජේ.ජෙගතීෂ්වරන් විසින් මෙම පෙත්සම් ගොනු කර තිබුණි.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, වරාය අධිකාරියේ සභාපති වරයා, පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, එක්ස්ප්‍රස් පර්ල්  නෞකාවේ දේශීය නියෝජිත සමාගම වන සී කොන්සෝටියම් ලංකා  පුද්ගලික සමාගම, සමුද්‍ර දූෂණ වැලැක්වීමේ අධිකාරිය මධ්‍යම පරිසර අධිකාරිය, නීතිපති ඇතුළු 12 දෙනෙකු  එහි වගඋත්තර කරුවන් ලෙස නම් කර  සිටිති.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව තුළ ඇති වූ රසායනික ද්‍රව්‍ය කාන්දුවක් හේතුවෙන් එම නෞකාව කටාර් සහ ඉන්දියානු රාජ්‍යයන් හි පිහිටි වරායන් වලට ඇතුලත් කර ගැනීම එම රටවල  බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර තිබූ බව තමන් ජනමාධ්‍ය ඔස්සේ දැන ගත් බව පෙත්සම් කරුවෝ සදහන් කරති.

එවැනි අනතුරුදායක තත්ත්වයක්  තිබියදී ශ්‍රී ලංකා බලධාරීන් නොසැලකිලිමත් ලෙස  කටයුතු කර ඇති අතර  අදාළ නෞකාවට කොළඹ වරායට ඇතුළුවීමට අවසර ලබා දීම මගින් ඔවුන් රාජකාරිය  නිසි ලෙස ඉටු කිරීම පැහැර හැර ඇතැයි පෙත්සම්කරුවන් විසින්  චෝදනා කර තිබේ.

මෙම  නැව ගිනි ගැනීමෙන් පසුව මීගමුවේ සිට පානදුර දක්වා මුහුදු තීරයේ ධීවර කටයුතු වල නිරත වීම රජය විසින් තහනම් කර ඇති අතර මේ හේතුවෙන් මීගමුව ප්‍රදේශයේ සෘජුවම ධීවර රැකියාවේ නිරතව සිටින පවුල් 7753 කට සිය රැකියාව කරගෙන යාමට නොහැකිව ජීවනෝපාය මුළුමනින්ම අහිමි වී ඇතැයි පෙත්සමෙහි සදහන් වේ.

එසේම  මීගමුව ප්‍රදේශයේ කරවල වියළීමේ රැකියාවේ යුතු තවත් ධීවර පවුල් 2130 දෙනෙකුගේ රැකියා ද  මෙහි ප්‍රතිඵලයක් ලෙස  අහිමි වී ඇති බව ද පෙත්සමෙහි සදහන් වේ.

මෙම නැව ගිනි ගැනීමෙන් සහ එහි තිබූ  රසායන ද්‍රව්‍ය මුහුදට එක් වීමෙන් සිදු වූ හානිය වෙනුවෙන් කටයුතු කිරීම සඳහා පරිසර සංරක්ෂණ  අරමුදලක් පිහිටුවන ලෙස නියම කරන්නැයි ද මෙම පෙත්සම් මගින් ඉල්ලා ඇත.

එසේම  ලැබෙන  වන්දි මුදලින් සියයට 70 කට නොඅඩු මුදලක් විනාශයට පත් සාගර පරිසරය යථා තත්වයට පත් කිරීම සදහා වෙන් කරන ලෙස බලධාරීන්ට නියෝග කරන්නැයි පෙත්සම මගින් ඉල්ලා ඇත

මෙම සිද්ධිය නිසා  සිය මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත්, රජය විසින් ගනු ලැබූ මෙම තීන්දුව හේතුවෙන් පීඩාවට පත් සෑම ධීවරයෙකුටම රුපියල් ලක්ෂ 5 බැගින් වන්දි ගෙවන්නැයි රජයේ බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවෝ  ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.

නීතිඥ  ලක්මාලි කුලරත්න මහත්මිය පෙත්සම් කරුවන් වෙනුවෙන් පෙනී සිටියාය.

වගඋත්තරකාර නැව් සමාගම වෙනුවෙන් ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටියේය.



අදහස් (0)

ගිනිගත් නැව නිසා පීඩාවට පත් ධීවරයින්ට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1099 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site