(යොහාන් භාසුර)
ගිනිගැනීමෙන් විනාශ වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් හානියක් වූ පුද්ගලයන් සිටීනම් ඔවුන්ට ද තනි තනිවම වන්දි ඉල්ලා සිටීමට අවස්ථාව ලබාදීමට තීරණය කළ බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥා අලී සබ්රි මහතා පවසයි.
නෞකාවේ සිද්ධියෙන් ඇත්ත වශයෙන්ම පීඩාවට පත්වෙච්ච පුද්ගලයෙක් ඉන්නවා නම් ඔහුන්ට හිමිකම් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලෙස නීතිපතිවරයා ඉල්ලීමක් කළ බවත් එම හිමිකම් පාන පුද්ගලයන් පිළිබදව කටයුතු කිරීමට තවත් කමිටුවක් පත්කළ බවත් අලී සබ්රි මහතා කියයි.
ඒ සම්බන්ධයෙන් පුවත්පතවල සහ අනිකුත් මාධ්‍යවල දැන්වීම් පළකරලා ඒ සඳහා ක්‍රමවේදයක් සකස් කරන්න ක්‍රියාත්මක වන බවත් අධිකරණ අමාත්‍යවරයා සඳහන් කරයි.
වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවේ සාමාන්‍ය ජනතාවගේ හානි සම්බන්ධයෙන් කටයුතු කිරීමට වරාය අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ක්‍රියාත්මක වන බවයි.
(ඡායාරූප: ශාන්ත රත්නායක)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වන්දි දියාරු කර "අපි දන්නේ නැහැ" කියන්නද යන්නේ?
අලාභ හානිවලට පත්වූ මනුෂ්‍යයින්ට වන්දි ලබාදීම රජයේ වගකීමක්... මේ අලාභහානි සිදුවූවන්ට ජාත්‍යන්තර වශයෙන් නඩු කියන්න කිසිම දැනීමක් නැති බව දැන දැනත් මේ ප්‍රකාශය මර උගුලක්...!!!
රටකට වෙච්ච දෙයක් ගැන දැන් අපිද නඩු කියන්න ඕනෑ..? ඔබතුමාගේ උපාධිය ගත්තේ පංචිකාවත්තෙන්ද? චිට් එකෙන් නේද ඇමැති වුණේ...?
ඕක නම් මර උගුලක්. දැනටමත් සමහරු ඇමතිවරුන් කතා කරන්නේ නැව් සමාගමේ පැත්ත ඇරගෙනනේ. ඩීල් එක ගහලා ඇති.
ඇයි මිනිස්සුන්ට ගින්න පාලනයට ඉඩක් නොදුන්නේ?
මොවුන්, ඒ වන්දි මුදලුත් තනි තනිවම මංකොල්ල කන්නයි මේ හදන්නේ. රට ගැන කෙසේ වෙතත්, තමතමන්ගේ පොකට් එකට වැටෙන ගාන ගැන නම්, නියමෙටම සැලසුම් කරලා ඇති මේ හොර තක්කඩි... අනේ, ඇත්තටම මේ අයටත් ඉර පායනවනේ මේ මහපොළවේ ජීවත්වෙන්න...
අමාත්‍යවරයා කමිටුවක් පත් කරන්න යන දේ තමයි මේ වැඩේ තියෙන ලොකුම විහිළුව. තමන් දන්නා දෙයක් කරගෙන ඉන්නේ නැතිව, නොදන්නා දේ කරන්න යෑම නිසා තමයි මේ විනාශය වුනේ. දැන් දැන් ඇඟ බේරාගන්න මේ කමිටු ගැන කතාකරන්නේ... කමිටු පත් කරන්නෙත් මේ අයම තමයි. තමන්ට බැරිවූ දේ කමිටු පත්කරලා මෙන්න කියලා කරලා දාවි. දැන් කමිටුව සිදුවූ පරිසර හානිය නැති කරලා දමාවි. මේවා ඔක්කොම තමන්ගේ නොහැකියාව හා නොදැනුවත්කම වහගන්න කරනා රැවටිලි කතා හා වැඩ...