
(රංජිත් රාජපක්ෂ)
කුස ගින්නට ආහාර වේලක් නොමැතිකමින් ළමුන් තිදෙනා පාසලට එවීමට නොහැකි බව දන්වමින් ගිනිගත්හේන පදිංචි දෘශ්‍යාබාධිත මවක් ගිනිගත්හේන මධ්‍යම මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාට යොමු කර තිබු ලිපියක් සම්බන්ධයෙන් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යය මගින් අද (11) දින පලවීමත් සමග එම පවුලට පිහිටවීමට දෙස් විදෙස් පරිත්‍යාගශිලින් රැසක් ඉදිරිපත් වී ඇති බව විදුහල්පති උපුල් ඉන්ද්‍රජිත් මහතා පැවසීය.
ඔවුනට උපකාර කිරිම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයාගේ සහ දෙස් විදෙස් සංවේදී පරිත්‍යාගශීලින් රැසක් සහ ත්‍රිවිධ හමුදාව සහ පොලිසියේ උසස් නිලධාරින් රැසක් ඉදිරිපත් වී තිබේ.
එම ළමුන් තිදෙනාට අධ්‍යාපන අමාත්‍යංශය මගින් ශිෂ්‍යත්වයක් ලබා දිම සදහා අධ්‍යාපන අමාත්‍ය ජි.එල් පිරිස් මහතාගේ අවධානය යොමු වී ඇති අතර ඒ පිළිබඳව කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස වනජිවී සහ වන සංරක්ෂණ අමාත්‍යය සි.බී රත්නායක මහතාගෙන් කළ ඉල්ලිමක් මත සම්බන්ධීකරණ නිලධාරියකු පාසලට පැමිණ වාර්තාවක් ලබා ගත් බව විදුහල්පතිවරයා පැවසීය.
එම පුවත විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයවල පල විමත් සමග දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි සංවේදි පරිත්‍යාගශිලින් , විදේශිය රටවල්වල රැකියා වල නිරතව සිටින සහ පදිංචිව සිටින රැසක් සහ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ උසස් නිලධාරින් ගණනාවක් තමන් අමතා එම පවුලට උදව් උපකාර කිරිම සදහා එම පවුල පිලිබදව සවිස්තර වාර්තාවක් ලබාගත් බවත්, එම ළමුන් තිදෙනාට ගිනිගත්හේන රාජ්‍යය බැංකුවක ගිණුම් ආරම්භ කරන ලෙසට තමන්ට උපදෙස් ලබාදුන් බවද විදුහල්පතිවරයා පැවසිය.
එම පවුලට උදව් උපකාර කිරිමට ඉදිරිපත් වි සිටින පරිත්‍යාගශිලින්ගේ ආධාර උපකාර ලබා ගනිමින් තම විදුහලේ ජ්‍යෙෂ්ඨ ගුරුවරුන් කිහිප දෙනෙකු එක් කරගනිමින් කමිටුවක් පිහිටුවා එම ළමුන් තිදෙනාගේ අධ්‍යාපන තත්ත්වය ඉහළ දැමීමට දිර්ඝ කාලින වැඩපිලිවෙළක් ආරම්භ කිරිමට කටයුතු කරන බව විදුහල්පතිවරයා කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉහවහා යන තරම් සතුටුයි...
අතිවිශිෂ්ඨයි මහත්වරුනි. ඔබලාට යහපතක්ම සිදු වේවා..!!!
මේ අසරණ පවුල ගැන හිත උණු වූ ගුණවත් මිනිසුන් ගැන ආඩම්බරයි.
නියමයි...!!! මමත් සපෝට් කරනවා.
සැබෑ මිනිසුනේ.. ඔබ සැමටම බොහෝ පින්...!!!