පැතුම් දර්ශන
දැඩි ආරක්ෂිත සත්ව ගණයට අයත් ගෝණෙකු සහ කබල්ලෑවෙකු මරා මස් කර අලෙවි කළ පුද්ගලයෙකු බෝර 12 තුවක්වක් සහ පතුරම් තුනක් සමග අත්අඩංගුවට ගැනීමට මොරගොඩ සහ අලගොල්ලෑව බීට්ටු වනජීවී කාර්යාලයේ නිලධාරීහු අද (24) සමත්වුහ.
පෞද්ගලික ඔත්තුකරුවෙකු ගෙන් ලැබුන තොරතුරකට අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අලගොල්ලෑව මුකිරියා කඩවල පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙකි.
මොහු අලගොල්ලෑව රජයේ රක්ෂිතයේ දී මෙම දඩයම් සිදුකර ඇති බව පවසන වනජීවී නිලධාරීන් එලෙස දඩයම් කළ සතුන්ගේ මස් විකුණා ඇති බවද කියයි.
දඩයම්කරුගේ නිවස වනජීවි නිලධාරින් විසින් පරික්ෂා කර ඇති අතර එහිදී විකිණීමෙන් පසු සඟවා තිබූ මස් කිලෝ දෙකක් ද සොයාගෙන ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු වෘක්ෂලතා ආඥා පනතෙ 469 අධිකාරිය යටතේ හෙට(25) කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගෙ අම්මෝ වැරදි කීයක්ද? ඔක්කොටම දඩුවම් කරන්න ඕන. මොන ආගමේ උනත් මේවා සහගහන අපරාධ. දැඩි දඩුවම් දුන්නේ නැත්නම් අනික් අයත් මේක ආදර්ශයකට ගන්නවා.
වනාන්තාරයේ තියන වසංගත ගමට, රටට සහ ලෝකයට පැතිරවීමක් ..