IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය රළු වෙයි

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී අඩුපීඩන තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බැවින් ඒ ආශ‍්‍රිත මුහුදු ප‍්‍රදේශ රළු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් හම්බන්තොට සිට පොතුවිල් සහ මඩකලපුව හරහා ත‍්‍රිකුණාමලය දක්වා වන ගැඹුරු මුහුදු ප‍්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 70, 80 පමණ දක්වා ඉහළ යා හැකි බවත්, එම ප‍්‍රදේශවල ධීවර හා නාවුක කටයුතුවල යෙදෙන්නන් අවධානයෙන් කටයුතු කළ යුතු බවත් එම දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් පැවසීය.

වායුගෝලයේ පවතින මෙම කැළඹිලි ස්වභාවයේ බලපෑමෙන් ඉදිරි දින කිහිපයේදීත් වැසි ඇතිවන බව ද එම ප‍්‍රකාශකයා සඳහන් කළේය.

ඒ උතුරු, නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත‍්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් වැසි ඇතිවිය හැකි අතර සෙසු පළාත් වල පස්වරු 2.00න් පසු වැසි ඇතිවන බව එම ප‍්‍රකාශකයා පැවසීය.

නැගෙනහිර, මධ්‍යම, ඌව, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානයන්ට මිලිමීටර 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව ද ඔහු සඳහන් කළේය.

මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල සමහර ප‍්‍රදේශයන්හි උදෑසන කාලයේදී මීදුම් තත්ත්වයක් ඇතිවිය හැකි බව ද ඔහු ප‍්‍රකාශ කළේය.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල එම ප‍්‍රදේශයන්හි තද සුළං සහ අකුණු අනතුරුද ඇතිවිය හැකි බවද ඔහු පැවසීය.

මේ අතර ඊසාන දිග මෝසම දිවයිනේ නැගෙනහිර ප්‍රදේශ හරහා ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

 



අදහස් (0)

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය රළු වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 9 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site