(එම්.සුසිල් ප්‍රියන්ත)
ආණ්ඩුවේ ඉඳගෙන ආණ්ඩුව විවේචනය කරන්න බැරි වුවත් තමා ඇත්ත ඇති සැටියෙන් කතා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය පවසන්නීය.
ගුරුවරුන්ගේ ඉල්ලීම් දිනා ගැනීමට මේක අවස්ථාවක් නෙමෙයි. රට නාහයටම ගිලී තියෙන අවස්ථාවක ඉල්ලීම් දිනා ගැනීම මම නම් අනුමත කරන්නේ නැහැ.
මේ ඒකට අවස්ථාව නෙමෙයි. ගුරුවරුන්ටත් ප්‍රශ්න ඇති. නමුත් මේ අවස්ථාවේදී වැටුප් වැඩියෙන් ඉල්ලීම සාධාරණ නැහැ. මේ අවස්ථාව මග හැරුණට පස්සේ ගුරුවරුන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීමේ සටනට මමත් එනවා. අනිවාර්‍යයෙන්ම මමත් ගුරුවරුන් සමග එකට සිට ගන්නවා.
පොහෝර ප්‍රශ්නයේදී මට ආණ්ඩුව විවේචනය කරන්න බැහැ.එහේම කළොත් ආණ්ඩුවේ මැති ඇමතිවරු කියාවී මම ආණ්ඩුවේ ඉදගෙන ආණ්ඩුව විවේචනය කරා කියලා.
ඒ නිසා ආණ්ඩුව පැත්තට කතා කළොත් ගොවියන් මාත් එක්ක තරහ වේවි. ගොවියන්ගේ පැත්ත අරගෙන කතා කළොත් ජනාධිපතිතුමා ඇතුලු රජයේ මැති ඇමැතිවරුන් කියාවි තව කොහේද මෙයාට ඇමතිකම් දුන්නා නම් කියලා.
අනේ ඒ නිසා මම දෙවියන්ගෙන් ඉල්ලා සිටිනවා මට නිදහසේ කතා කරන්න ඉඩ ලබා දෙන්න කියලා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියන් ඔබට කියනවා ආණ්ඩු පක්ෂයෙන් හෝ මන්ත්‍රීකමෙන් ඉල්ලා අස්වෙන්න කියා...
නිදහසේ කතා කරන්න ඔයා ඉල්ලා අස්වෙන්න.
මෙහෙම අයව පාර්ලිමේන්තු යවපු අයට මඩු වලිගෙන් ගහන්න ඕනෑ...
ඔන්න මහත්මිය දෙවියන්ගෙන් තීන්දුවක් ආවා. පවතින රජයෙන් සියලුම තාන්න මාන්න වලින් අස් වෙන්න.
දෙවියෝ රට පාලනය කරනවා නම් නුඹලා මොකටද? අයියෝ සල්ලි..!!! මොනවා වුණත් මට නම් ... ඔයා තමයි ලස්සනම නිළිය ලංකාවේ හිටපු... !!!
හංසයෝ, පාත්තයෝ වුණාම ඔහොම තමයි.
"මට හුස්ම ගන්න බැහැ මට හුස්ම ගන්න ඉඩ දෙන්න - ජෝර්ජ් ෆ්ලොයිඩ්"
නොදන්නා දේවල් ගැන කතා නොකර හිටියොත් වඩා හොදයි . නැතිනම් ඔබේ මෝඩකම තවත් පෙනෙයි