(මහේෂ් කිර්තිරත්න)
මාතලේ තොටගමුව ප්‍රදේශයේ ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය බව කියන නිවාඩු නිකේතනයක් වටලා කාන්තාවන් දෙදෙනෙකු සහ එහි කළමණාකරු සහ තවත් අයෙකු අත්අඩංගුවට ගත් බව මාතලේ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යංශය කියයි.
මාතලේ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සුගත් බණ්ඩාර මහතාට ලැබුණු තොරතුරක් මත සිදු කළ විමර්ශනයකින් අනතුරුව සැකකාරියන් සහ සැකකරුවන් මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකාරියන් වාරියපොල සහ හික්කඩුව ප්‍රදේශයේ පදිංචි අයවලුන් වන බවත් කළමණාකරු ලෙස කටයුතු කළ අය අංගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙකු බවද පොලිසිය කියයි.
මිට පෙර ද කළමණාකරු ලෙස කටයුතු කළ සැකකරු මිට පෙරද මෙම චෝදනාවට අත්අඩංගුවට පත් වුණු අයෙකු බවද පොලිසිය කියයි.
මෙම නිවාඩු නිකේතනය මාතලේ ප්‍රදේශයේ අයකුගෙන් කුලියට ගෙන පවත්වාගෙන ගොස් ඇති බවද පොලිසිය කියයි.
මාතලේ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් පරිදි මාතලේ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් වංශනාථ මහතාගේ මෙහෙයවිම මත මාතලේ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සුගත් බණ්ඩාර මහතාගේ අධික්ෂණයනේ උ.පො.ප වනසිංහ,කා.උ.පො.ප ජිවන්ති පො.සැ 85524 ගුණතිලක,පො.සැ 27225 අත්තනායක,පො.කො 33852 ජගත්,පො.කො 83232 දිලිප යන නිලධාරින් මෙම වැටලිම සිදු කළහ.
2025 නොවැම්බර් මස 17
53
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
884
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2515
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ගණිකා නිවාසයක් වටලා 4 ක් අත්අඩංගුවට
chandrasiri Saturday, 13 November 2021 06:33 PM
මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි වෙනකොට මොනවා හරි කරනවා. ඒකෙ කිසි වැරැද්දක් කියන්න බැහැ. කවුරුවත් රුපියලක් නිකන් දෙන්නේ නැහැනේ...