(හිඟුරානේ නවරත්න සමරතුංග)
කසිප්පු පෙරීමට යොදා ගන්නා ගෝඩා මිලි ලීටර් 15750 ක් සහ පෙරුම් උපකරණ සමඟ සමෘද්ධි සංවර්ධන නිලධාරියකු අත් අඩංගුවට ගෙන ඇති බව උහන පොලීසිය කියයි.
මෙසේ අත් අඩංගුවට ගනු ලැබුවේ උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගෝනගල වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරියකු වන අතර, ඔහු කොත්මලේ ජනපදයේ අංක 75 ලිපිනයේ පදිංචි කරුවකු බව කියයි.
බුද්ධි අංශ නිලධාරීන් ගේ ආවේශන රාජකාරි මගින් උහන පොලීසියට ලබා දුන් තොරතුරක් මත පොලිස් නිලධාරීන් පිරිසක් සැකකරුගේ නිවස වැටලීමට ගොස් ඇත.
එහිදී පොලීසිය නිවස වටලන බව දැන ගත් සැකකරු ඔහු සතුව තිබුණ (මිලි ලීටර් 15750) ගෝඩා බූලියක් කරමත තබාගෙන නිවස පිටු පසින් කෑලෑවට පැන යනු දුටු පොලීසිය ඔහු අත් අඩංගුවට ගෙන ඇත.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.