(නාලක සංජීව දහනායක)
පාස්කු ඉරුදින එල්ලවූ ත‍්‍රස්ත ප‍්‍රාහාරය ගැන හොයනවාටත් වඩා ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නම 2005 ඡන්ද හිමි නාමලේඛණයට ඇතුළත්ව තිබුනේදැයි සෙවීම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට වැදගත්ව තිබෙන බව විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා අද (3) පැවැසීය.
ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ 20 අධික නිළධාරීන් පිරිසක් හම්බන්තොට නගරයට පැමිණ සිටින බවද ඔහු කීය.
විපක්‍ෂනායකවරයා මෙසේද කීය.
"දැන් ප‍්‍රසිද්ධියේ මිනිස්සු මරනවා. ඒව ගැන හොයන්නේ නැහැ. අපරාධ ගැන හොයනවට වඩා ගෝඨාභයගේ නම 2005 ඡන්ද නාම ලේඛනයට ඇතුළත්ව තිබුණද කියල හොයන එක අපරාධ පරීක්‍ෂ දෙපාර්තමේන්තුවට වැදගත්ව වෙලා. ඔවුන්ට මේ දවස්වල තියෙන ලොකුම වැඩේ ඒකයි. ඒ විතරක් නෙවෙයි ඔහු විදේශගමන් බලපත‍්‍රය වෙනස් කර ගැනීම සම්බන්ධයෙනුත් අද දිනය ඇතුළත වාර්තාවක් කැදවා තිබෙනවා" යැයි විපක්‍ෂනායකවරයා කීය.
කොළඹ ප‍්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ අද (3) පැවැති සමෘද්ධි වෘත්තීය සමිති නියෝජිතයන්ගේ මහ සමුළුවට එක්වෙමින් විපක්‍ෂනායකවරයා මේ බව සදහන් කළේය.
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රවේශමෙන් මහත්තයෝ. ඔය වගේ කතාකියන කොට හිටගෙන ඉන්න තැන සවිමත්ද කියලා කලින් පරික්ෂාකර බැලුවොත් හොඳයි. අපි අහලා තියෙනවා ඒවගේ වෙලාවල්වලට හිටගෙන ඉන්න තැන පොළව පැලෙනවා කියලා. අපට නම් ආරංචි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක කරගෙන යන සකච්ඡාවල අලුත්ම තත්වය ඔබතුමන්ලා "කසාදේ කරමු, හැබැයි මනමාලයාට මඟුල් ගෙදර එන්න බෑ" කියල කියනවා කියලයි. ඒ කියන්නේ ජනාධිපතිවරයා වත්මන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ සහ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ලෙසත් කටයුතු කරන බැවින් ඔහුත් සමඟ ප්‍රසිද්ධියේ එකම වේදිකාවක කටයුතු කිරීමට තමන්ට නොහැකි බවලු. ඒ අස්සේ ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහත්තයා එස්.බී. දිසානායක සහ ඩිලාන් පෙරේරා දෙන්නා පොහොට්ටුවට ගිය එක ගැන කියලා තියෙන්නේ එක හරියට "මඟුල තීන්දු වී තිබියදී මනාලියව පැහැරගෙන යාමක්" වගෙයි කියලලු. අද සම්මේලනයේ ප්‍රධාන කතාව සාවධානව අසා ඉන්න ඇති කියලත් හිතනවා. එතෙන්දී ජනාධිපතිතුමා ඔය පුටුවේ ඉන්දපු අයට නොසෑහෙන්න දෙහිකපන ගමන් "අපි යෝධ ශක්තියක් යොදවා දේශපාලන පරිවර්තනයක් කර 20-20 අලුත් ආණ්ඩුවක් හදනවා" කියලයි කීවේ. 20යි 20 කිව්වේ ක්‍රිකට් ගැන නම් වෙන්න බැහැ මහත්තයෝ....
ගෝඨාම නේද කිව්වේ නීතිය සැමටම පොදුවෙන්න ඕනේ කියලා? එහෙනම් මොකක්ද ප්‍රශ්නේ..?
ඔව් ඉතින් ඇත්තනේ... මොකටද හොයන්නේ පාස්කුදින ඒ ම්ලේච්ඡ ක්‍රියාව පිළිබඳව.. මොකද එම නීච ප්‍රහාරයෙන් මියගියේ අහිංසක මහජනතාව.. කෙටියෙන් කියනවා නම් නිවටයින්ගේ ජීවිතේ බේරුණෙත් අහිංසක පියා යන්න එපා කිව්ව හින්දා ඇඳයට හැංගිලා ඉඳලා... ඉතින් තව මොනවා හොයන්නද මේ ගැන? නිකං බයිලා කතා මේවා.. කෝකටත් ඉතින් දේශපාලුවන් ගැන අනිත් දේශපාලුවන් හොයන එක හොඳා... ඔක්කොම බයෙන්නේ ඉන්නේ... එකාට එකා, මට කෙළවෙයිද? මට කෙළවෙයිද කියන බයෙන් නින්ද යන්නෙත් නැතිව බලාගත් අත බලාගෙනම... නිකං නෙවෙයිනේ මේ කාලකන්නින්ට හැලිවඳුරෝ 225ක් කියන්නේ...
ප්රසිද්ධියේ මිනීමරනවා?. මෙතුමගේ කාලේ නොමැරුණු ගානයි. මෙතුමා මැරිලා ඉපදිලාද? නැතිනම් අපි මැරිලා ඉපදිලා කියලා හිතනවද?
ඕවා හොයන්නේ මොටද? එයා කරපු ජල්තර් මුළු ලෝකයාම හොඳින් දනිති..
ඉතින් හරිනේ සර්, ඔබතුමා කියන සිද්ධිය එක සිද්ධියක් විතරයි.. එහෙමද වැරදි මනුස්සයෙක් ජනාධිපති වුනොත්...
ලසන්තවත් ඝාතනය කළේත් අධි ආරක්ෂක කලාපය තුළ ප‍්‍රසිද්ධියේ තමයි. එ්ක අමතක වෙලාද? කවුරු වැරදි කළත් වැරදිමයි. ගෝඨා ගැන මොකද්ද අමුතුවෙන්...
පොලිසිය තියෙන්නේ ජනාධිපති යටතේ නිසා මේවා ඔහුගේ බලපෑම් මත සිදුවේ යැයි සිතිය හැක..
හි.හි.හි... අයියෝ අයියෝ. සිරිකොතේ කැනහිවල්ලු බයවෙලා තියෙන තරමක්...
ඔන්න බොලේ, දැන් රාජපක්ෂ අයිය මලෝ කුට්ටමේ දෙකොනම රත්වෙලා වගෙයි..! පැමිණිල්ලක් විභාග කිරීම අපරාධයක්ද? රටේ ඉහළම පුටුව වෙනුවෙන් අයියා විසින් මල්ලි ඉදිරිපත්කර තිබෙන මේ වෙලාවේ මේ පරීක්ෂණ කලේ නැතිනම් කවදා ඒවා කරන්නද? රටේ පදිංචියක්වත් නැති මිනිහෙක්, හොරට මැතිවරණ ලැයිස්තුවකට ඇතුළත් වී ඡන්දයක් පාවිච්චි කරේ කොහොමද කියන එක මුළු රටම දැනගත යුතු කාරණයක් නොවේද? "වංචනිකව ජාතික හැඳුනුම්පතක් සමග විදේශ ගමන් බලපත්‍රයක් ලබාගත්තා" කියන චෝදනාවක් සම්බන්ධව විභාග කිරීම රටේ නීතියට එරෙහියි කියන්නද මේ යුගලය වළිකන්නේ? අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලැබෙන ඕනෑම පැමිණිල්ලක් විමර්ශනය කිරීම වැරදි දෙයක්ද? ඒවා ගැන පොලිසියට දැන්වූවාද? නැත්නම්, මොකද නොකරේ? මැදමුලන ලොක්කා ජනපතිකමෙන් විසි වී ගමේ යනකොට ගෙනගියා කියන ෆයිල් ගොන්න අස්සේ, "හොර ඡන්ද දැමූ" ලැයිස්තුවත් තිබුණද? ඒවා දැනටමත් ගිනි දෙවියාට පූජා කළාද කියන්න දන්නේ උඩ ඉන්න දෙවියන් පමණයි!!!
අන්න සජින් වාස් සැදී පැහැදී ඉන්නවා සාටකයන්ගේ අපරාධ ටික හෙළිකරන්න . කික්ම තමයි වැලිකඩටම
'ඵල ඇති රුකටනේ වවුල්ලු වහන්නේ..'
ඇයි හිරගෙදර , ලසන්ත , තජුදීන් , එක්නැලිගොඩ .. මේ ඝාතනාවලටත් හොයන්න ආවොත් මොකක්ද එකේ තිබෙන වරද ?
බලාගෙන ගියාම ආණ්ඩුවම තමයි ගෝඨාව ප්‍රමෝට් කරන්නේ.