(බිඟුන් මේනක ගමගේ)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාස වන ආකාරයෙන් කෝට්ටේ ප්‍රදේශයේ අත් පත්‍රිකාවක් බෙදීමේ සිදුවීම ගැන තමා ගෝඨාභය රාජපක්ෂ මහතාට කණගාටුව පළ කරන්නේ යැයි පොදු සැපයුම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ ඇමැති හර්ෂ ද සිල්වා මහතා ‘ලංකාදීප’ යට අද (11) පැවැසීය.
මෙම අත්පත්‍රිකා බෙදීමට තමාගේ දේශපාලන ක්‍රියාකාරිකයකු සම්බන්ධ වී ඇතැයි ද තමා එය කිසිසේත් අනුමත කරන්නේ නැතැයි ද අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කර කීය.
වසර දහයකට ආසන්න වන තම දේශපාලන ජීවිතයේදී කිසි දවසක තමා මඩ දේශපාලනයට අවතීර්ණ වී නැතැයි ද පුද්ගල අපහාසය යනු තමා අනුමගමනය කරන දේශපාලන මාර්ගය නොවන්නේ යැයි ද හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
මෙම සිදුවීම වී ඇත්තේ තමාගේ කිසිදු අනුදැනුමකින් තොරව යැයි ද එයින් අපහසුතාවයට පත් වූ සියලු පාර්ශ්වයන්ට නැවත නැවතත් කනගාටුව පළකරන්නේ යැයි ද හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුදනන් ඇසුරු කළත් මහත්මා ගතිගුණ එළියට එනවා.
අහුවුණු නිසයි, අත් දෙක හෝදගන්න හදන්නේ...
කණගාටුව ප්‍රකාශ කිරීම ගැන ස්තුතියි. එහෙත් සිදුවූ හානිය අපමණයි. කළය බිඳී ඇත. පැලැස්තරය නිසා වතුර නොගියත් කැළල මැකිය නොහැකි බව අමතක කරන්න එපා.
යූ.එන්.පී. එකේ ඉතිරි වෙලා ඉන්න හොඳ මිනිසුන් මේ වගෙ දේකට පැටලීම ගැටළුවක්... එ්ත් ඉතිං සජිත් දිනවන්න එයාගේ උපදෙස් ඉටු කරන්න එපැයි. එ්ත් ඔබ වැනි මහත්මයන්ට මෙවැනි දේවල් නොවටී. ඔබ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා දෙස බලන්න.. ගොඨාභය මහත්මයාගෙ කථා දෙස බලා ලංකාවට අවශ්‍ය දෙශපාලන සංස්කෘතිය හදන්න සජිත්ට උපදෙස් දෙන්න. ලංකාවේ තරුණ පරපුර ගැලරි දේශපාලනය අනුමත කරන්නේ නැත...
කාගේ අනුදැනුමකින් එය කළාද කියා රටට හෙලිකිරීමත් එකසේ වැදගත්...
උගත් වගේම මහත්මා ගතිගුණ ඇති ඉතා දුර්ලභ වර්ගයේ දේශපාලනඥයෙක්...
තමාගේ ලේකම් කෙනෙක්වත් තමාගේ ප්‍රතිපත්තීන්ට අනුව හසුරුවා ගන්න බැරි ඔබතුමාලා මොනවද ජනතාවට කියන්න හදන්නේ...? මොනවා කළත් ඒවා පිළිගන්න කියලද?
තව තවත් U.N.P ඡන්ද අඩුවෙන එක තමයි වෙන්නේ...
ඔය වගේ වැඩ වලින් පාවෙන U.N.P ඡන්ද තවත් අඩුවෙන එක ස්ථිරයි...
ඔබතුමා කිරි බින්දුවක් ගොම කලයක තියෙන... අපිටත් කණගාටුයි ඔබ වැනි උගත් යහපත් පුද්ගලයන්ට තැනක් නොදීම ගැන. දැන්වත් ඔබතුමා ඉදිරිය ගැන සිතා තීරණයක් ගන්න.
මේ වැඩ බැරි මඩ ටීම් එක නිසා මේ වෙනකොට සජිත් ප්‍රේමදාස මහත්තයා තමන්ගේ දේශපාලනයට කරගෙන තියෙන්නෙ ලොකු ඩැමේජ් එකක්. දැන්නම් සජිත් මහත්තයට ආපසු හැරිලා නිවැරදි කරගන්න බැරි තරමට සජිත් මහත්තයාගේ වටේ ඉන්න සගයො ටික එකතුවෙලා ඒ මනුස්සයා වලට දාලා ඉවරයි. එතුමගේ උපදේශකයෝ ටිකත් එතුමා අමාරුවේ දාලා එතුමා පරාජයේ මුවවිටටම ගෙනත් ඉවරයි. ගෝඨාභය මහත්තයගේ පොලිටිකල් කැම්පේන් එකත් එක්ක බලනකොට කැම්පේන් එක ඉතා පහත් තත්වයට වැටිලා කියලා තමයි කියන්න තියෙන්නේ...
ආයෙත් අහලා.... මේ ලංකාවේ කිසිම දේශපාලකයෙක් තවත් පක්ෂයකට මඩ ගහන්නේ නෑ. මං බැලුවා මේ මොකද කියලා.
මොකුත් නොදන්නා බබා.බඩුත් එක්කම මාට්ටු වෙච්ච නිසයි මෙහෙම කියන්නේ.ලැජ්ජයි.
පුද්ගලිකව අප දියවන්න ඔයේ ඉන්න 225 "මහ එකාගේ සිට පොඩිඑකා දක්වා "කිසිඳු පැහැදීමක් නැත. මෙසේ සඳහන් කිරීමට අප කිසිලෙස පැකිලෙන්නේද නැත. නමුත් මොහු අනිකාගේ ඇඳුම් සේදීම පිළිබඳව විවේචනය කිරීම, තමන්ගේ අප්‍රසාදය පළකිරීම සහ ඒ පිළිබඳව තමන්ගේ කණගාටුව ප්‍රකාශ කිරීම අප ඉහළින්ම අගය කරන්නෙමු. අපට මොහු ගැන වැදගත් නැත. කව්රු වුවත් හොඳ නම් හොද ලෙස පැවසීමට අප පසුබට වන්නේද නැත.
ඔක්කොම කරලා මාට්ටු උනාම හොද නම දාගන්න හදනවා.මේ රටේ මිනිස්සු හරක් කියලා හිතුවට ඔබලාගේ ඔය නිරුවත හෙලිවී හමාරය .මෙය අතටම අසු නොවූවේනම් මොහු තවමත් මෙය කරගෙන යන්නේය.
චන්දෙන් පස්සේ සමාව ප්‍රකාශ කරන්න.
මම ගෝඨට. නමුත් ඔබට මගේ ගෞරවය. මේ විදියට දේශපාලනය කරන්න.