(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාස වන අයුරින් තොරුතුරු ඇතුළත් අත් පත්‍රිකා බෙදා හැරියේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් ගතකර සිටි රාජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා මහතාගේ ලේකම්වරයෙක් හා අනෙක් පුද්ගලයා අද (15) දින දක්වා යළි රිමාන්ඩ් භාරයේ තබන ලෙද නුගේගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් සුනිතා නානායක්කාර මහත්මිය නියෝග කළාය.
මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුනේ උඩමුල්ල පදිංචි ජයන්ත හේමසිරි හා මිරිහානේ පදිංචි සුනිල් ප්‍රනාන්දු යන දෙදෙනායි ජයන්ත හේමසිරි නැමැත්තා කෝට්ටේ නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු මෙන්ම රාජ්‍ය ඇමති හර්ෂ ද සිල්වා මහතාගේ ලේකම්වරයෙකි.
පුද්ගලයන් කිහිපදෙනෙකු මිරිහාන විජේසේකර මාවත ප්‍රදේශයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාස වන අයුරින් මුද්‍රණය කරන ලද අත් පත්‍රිකා බෙදා හරින බවට අංකයට ලද තොරතුරක් අනුව මිරිහාන පොලිසිය මගින් ඉකුත් 10 වැනිදා මෙම සැකකරුවන් දෙදෙනා අත් පත්‍රිකා සමඟ අත්අඩංගුවට ගැණිනි.
එදිනම මිරිහාන පොලිසිය මගින් මෙම සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබිණි.
එම නියෝගය අවලංගු කළ මහේස්ත්‍රාත්වරයා අද (14) දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ යාන්තම් ඇති.... රිමාන්ඩ් ගිහින් බතුයි, ලුණුයි, පොලුයි කාලා වතුර බීලා ඉන්න දුන්නා. නැත්නම් ගෙදර ගිහින් හොඳහැටි "පරිප්පු" කන්න තිබ්බා...
ගෝඨාභය දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න උපරිම උත්සාහ කරද්දි සජිත්ලා ආයෙත් පරණ මඩගොඩටම වැටිලා. මිනිස්සුන්ට හිතන්න හොඳ තැනක්...
ශ්රී මහතාණෙනි, "අවුරුදු 71" වාක්‍ය පමණට වඩා කියවන නිසා ඔබට මෙය කියන්නේ. 1948 සිට අද දක්වා රටේ: (1) ආයු කාලය අවුරුදු 46 සිට 74 දක්වා වැඩිවී (2) ලිවීමට/කියවීමේ හැකියාව 41% සිට 93% දක්වා වැඩිවී (3) ඒක පුද්ගල ආදායම US $ 79 සිට $4,200 දක්වා වැඩිවී (4) විශ්ව විද්‍යාල අපේක්ෂකයින් 200 සිට 23,000 ........... මේ සියලු ප්‍රගතිය දකුණු ආසියාවේ සියලුම රටවල් වලට වඩා අති විශිෂ්ටය. නමුත් අපට සිංගපූරුව වීමට බැරිවිය. ලංකාව කිසීදු දිනක සිංගප්පූරුව වන්නේ නැත. ලංකාව රටකි. සිංගප්පූරුව නගරයකි. . 1977 දක්වා ආර්ථිකය විවෘත නොකිරීමත්, 30 වසරක යුධ සාපයත් ඊට හේතු විය. 2005 සිට 2014 දැක්වූ ආර්ථික පෙරළිය අප රටේ පුනර්ජීවයක් රජයක් මගින් කළහැකි බව ඔප්පු කළාය. 1971 දී තරුණයන් නොමග යවා, නැවතත් 1988/89 දී රට අකර්මණ්‍යය කළ, අදටත් ඒ ක්‍රියාවන් ගැන සමාව ඉල්ලීම කෙසේ වෙතත්, අවම වශයෙන් ස්වයන් විවේචනයක් හෝ නොකරන "වංක දේශප්‍රේමීන්ට" වඩා, වංචාවෙන් සපිරි සියලු රාජ්‍යයන් අපට යමක් කර ඇත.