(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාස වන අයුරින් අත් පත්‍රිකා බෙදා හරිමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් මිරිහාන කොට්ටාව පාර විජේසේකර මාවත ප්‍රදේශයේදී අද (10) අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය පැවසීය.
රාජපක්ෂ මහතාට අපහස වන ආකාරයේ කරුණු 60 ක් ඇතුළත් අත් පත්‍රිකා 58 ක් සොයාගත් බව පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා නුගේගොඩ සහ මිරිහාන ප්‍රදේශ වල පදිංචි 60 සහ 64 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙක් බව පොලිසිය කීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.