(දසුන් රාජපක්ෂ)
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට එවකට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කළ බව පවසන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා තමාට තර්ජනය කළ බව යුද හමුදා බුද්ධි බළකායේ බලයලත් නිලධාරී අයියසාමි බාලසුබ්‍රමනියම් මහතා දේශපාලන පලිගැනීම් පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද සාක්ෂි දෙමින් (18) පැවසීය.
ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව සාක්ෂි ලබා දෙන්නේ නම් තමන්ට විවිධ වරප්‍රසාද ලබා දෙන බව ශානි අබේසේකර මහතා පැවසූ බව බාලසුබ්‍රමනියම් මහතා කොමිසම හමුවේ පැවසීය.
කොතෙක් බලපෑම් සිදු කළ ද ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව තමා බොරු සාක්ෂි ලබා නොදුන් බව ද ඒ මහතා කොමිසම හමුවේ සඳහන් කළේය.
බාලසුබ්‍රමනියම් මහතා එලෙස පවසා සිටියේ මෙම ජනාධිපති කොමිසම හමුවේ ඔහු ගොනු කර ඇති පැමිණිල්ලකට අදාළව සාක්ෂි ලබා දෙමිනි .
එම පැමිණිල්ල මගින් ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියා පැහැරගෙන ගොස් මරා දැමූ බවට තමන්ට විරුද්ධව බොරු සාක්ෂි මත නඩු දමා ඇත්තේ දේශපාලනිකව පළිගැනීමට බව ඒ මහතා සඳහන් කර සිටී.
COMMENTS
ඒකනේ කියන්නේ, ප්‍රදීප් එක්නැලිගොඩ කාටවත් හොයාගන්න බැරි වෙන විදිහට අතුරුදන් වෙලා. අපිට දැනෙන විදිහට ලංකාවේ අපරාධ සිදුවෙලා නැහැ. දේශපාලන පළිගැනීම් විතරයි වෙලා තියෙන්නේ... එහෙම නේද හැමෝම ඔය කියන කොමිසම ඉස්සරහට ඇවිත් කියන්නේ.. ගිය ආණෟඩුවේදී එයා වැරැදියි... අනේ අනිච්චං... අවසානයට ලංකාවේ තරම් බොරු කියන අය තවත් ඉන්නවද මේ ලෝකේ...?
දැන් මේ සුබ්‍රමනියම් මහත්තයා සාක්ෂි දෙන්නේ කාගේ හරි බලපෑමකට කියලා කාටවත් කියන්න පුළුවන්ද? ආණ්ඩුව වෙනස් වෙනකම් බලන් ඉන්න වෙයි වගේ... ඒක දැනගන්න. ලංකාවේ නඩු තමයි නඩු... අපේ හාමුදුරුවනේ...
මේ කුණු ගොඩවල් තොර තෝංචියක් නැතිව දැම්මාට පලක් නැත.. අපට සංවර්ධන, ධනාත්මක ප්‍රවෘත්ති වැඩියෙන් අවශ්‍ය වෙනවා. ඕවා අපි 69 ලක්ෂයක් දන්නවා... එමනිසා එක් පක්ෂයක් ගෙදර යවා අදාළ පාර්ශවය බලයට ගේනවා. ශානි කියන්නේ හිටපු සිරිසේන කුරේගේ රියදුරා, ටැක්සි අබේත් රනිල් ගාව හිටියා ... ඔක්කොම දේශපාලකයෝ නම් එහෙමයි.. දේශපාලනය කාලේ එදා එය ඔඩුදුවලා පාතාලය නමින් බලවත් වෙලා..
ෂා... මරු ස්වාධීන පොලීසිය..
උසස්වීමක් ළඟළඟම එනවා.
ඇයි කලින් උසාවියට ඉදිරිපත් කරන වෙලාවේ නඩුකාරතුමා ඉදිරියේ ඔය ප්‍රකාශය නොතේරේ. ඔය නඩුව ඇහුවේ විවෘත උසාවිවල.. දැන් මේක මෝස්තරයක් වෙලා.
ශානිගේ කතාවලින් හොයාගන්න තිරය පිටුපස ඉන්න දේශපාලකයා...
ශානිට නිසි දඬුවම් හිමිවිය යුතුයි.
මේවා ඔක්කොම බොරු සංදර්ශන. ශානි කියන්නේ රටේ ඉන්න දක්ෂම නිලධාරියෙක්. දැක්කනේ හිටපු හමුදාපතිට දුන්න වැඩේ. ගෝඨාට බයේ නඩු අහන්න බෑ කියපු මහාධිකරණ විනිසුරුවරු ඉන්න රටේ, මේවා මොන බොරු කතාද?