( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය ජූනි 14 වැනි දා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය නියම කළේය.
අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබිණි.
ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක විභාගය අවසන් කරමින් විනිසුරු මඩුල්ල මෙම අතුරු නියෝගය දීර්ඝ කරන ලදී.
මෙම පෙත්සමට අදාළ විභාගය අද (28) අවසන් කෙරුණු අතර එහි තීන්දුව ප්‍රකාශ කිරීම ලබන ජුනි මස 14 වැනිදා දක්වා කල් තබන බව අභියාචනාධිකරණය නිවේදනය කළේය.
2010 වසරේ සිට 2014 වසර දක්වා වූ කාලසීමාව තුළ ඇවන්ට්ගාඩ් මැරිටයිම් සමාගමට ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම නඩුව පවරා තිබේ.
එම නඩුව ගොනුකර ඇති ආකාරය නීතිවිරෝධී යැයි පවසමින් සිය නීතිඥවරු මතුකළ මූලික විරෝධතාවක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් ප්‍රතික්ෂේප කළ අතර ඊට එරෙහිව තමන් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම කොළඹ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කළ බව ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සමේ සඳහන් කර ඇත.
එබැවින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය සහ කොළඹ මහාධිකරණය දුන් නියෝග නීතිවිරෝධී යැයි තීන්දු කර තමන්ව සියලු චෝදනා වලින් නිදොස්කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයෙන් අයැද සිටී.
එතෙක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන අදාළ නඩු විභාගය වළක්වමින් පනවා තිබෙන තහනම් නියෝගය ඉදිරි දින දක්වා දීර්ඝ කිරීමට ද අභියාචනාධිකරණය නියෝග කළේය.
COMMENTS
රජකෙනෙක් පුරෝහිතයට මරණ දඬුවම නියම කළා. රජතුමා මෙහෙමත් කිව්වා. 'එම්බා පුරෝහිතය, තොපට අවසාන වශයෙන් වරයක් දෙමි... ඒ අනුව, තොප මැරෙන ආකාරය තොපම තීරණය කර ගනුව'. පුරෝහිත මෙහෙම පිළිතුරු දුන්නා. 'දේවයන් වහන්ස මම වයස් ගතවීමෙන් මරණයට පත් කරනු මැනව'. රජ්ජුරුවන්ට කට උත්තර නැතුව ගියාලු. මේ නඩුවත් එහෙම ඉවර කිරීමට වරයක් ලැබුණු එකකි...
මේවා කවදාවත් ඇහෙන නඩු නෙවෙයි. මේ කල් මරන්නේ ජනාධිපතිවරණය එනකල්.
තව කොයි කාලයක්ද ඇදගෙන යන්න ඉතුරුවෙලා තියෙන්නේ? බලයට ආවහම නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. නඩු දාපු අයට තමයි ගස් යන්න වෙන්නේ. ඔය අව්අස්සේ "යාපනය දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතනය කිරීම සඳහා රුපියල් කෝටි පහක මුදලක් කරුණා පාර්ශ්වයට ලබා දුන් බව බුද්ධි තොරතුරු ඒකකයේ හිටපු පොලිස් කොස්තාපල් ලියනාරච්චිගේ අභයරත්න කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ සාක්කි දෙමින් කීවාය. " කියලා අද පත්තරේ තියෙනවා දැක්කා. මේවත් දෙසැම්බර්වලට එහා කල්යාවිද මන්දා?
අනේ මන්දා මෙයා කියනකොට එකක්, කරන කොට තව එකක්... නඩුවට මූණ දෙන්නැතුව මග අරින්න යන්නේ අභීත සෙන්පතියා..
මේක මාර වැඩක් ! වෙන මොනව කියන්නද?