(ඉන්දිකා රාමනායක)
සිසු ගැටුමක් හේතුවෙන් තුරුදුවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිටි කොළඹ සරසවියේ සිසුන් 12 දෙනා අද (11) කොළඹ අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 13 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයට පත් කරන ලෙසට නියම විය.
සැකකරුවන් එදිනට හඳුනා ගැනීමේපෙරට්ටුවකටද ඉදිරිපත් කිරීමට නිය කෙරිණි.
මෙලෙස රිමාන්ඩ් බාරයට නියම වුයේ කොළඔ සරසවියේ කලා පීඨයේ සිසුන් 12 දෙනෙකි.
ඉකුත් 8 දින රාත්‍රියේ සරසවි පරිශ්‍රය තුළ හටගත් ගැටුමකින් සිසුන් දෙදෙනකු තුවාල ලබා කොළඔ ජාතික රෝහලට ඇතුළත් තර තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් හඳුනාගෙන සිටි සැකකාර සිසුන් 12 දෙනා ඊයේ කුරුදුහේන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අද අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන්ට මෙම පහරදීමට අමතරව රාජ්‍ය දේපල හානි කිරීම, මහජන බදු මුදල් නාස්ති කිරීම යන කරුණු දෙක යටතේත් නඩු දාන්න අනික් හැමෝටම ආදර්ශයක් වෙන්න.
අප අදාළ වගකිව යුතු පරිපාලන අංශවලින් ඉල්ලා සිටින්නේ කරුණාකර මෙම මුරුගයන් සරසවි වලින් සදහටම පන්නා දමන ලෙසයි. මොකද මහජන මුදල් කාබාසිනියා කරන කිසිඳු අයෙකුට තවතවත් එසේ කිරීමට ඉඩ දියයුතු නැත. විනයක් නොමැති නම් දිව්‍ය ලෝකේ වුණත් අපායක් වන එක කිසිවකුට වැළැක්විය නොහැකි බැවින් මෙවන් අය සදහටම සමාජයෙන් ඉවත්ව ජීවත්වීමට ඉඩ හැරිය යුතුයි.