
(බිමල් ශයාමන් ජයසිංහ)
බණ්ඩාරගම අටුලුගම දී පොලිස් නිලධාරීන්ට පහරදී අත් මාංචු සමඟ පලාගිය ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වන අබ්දුල් හරිෆ් මොහොමඩ් රිෆායි හෙවත් " ගොටුකොළ රිෆායි " නැමැත්තා බණ්ඩාරවෙල බස් නැවතුමේදී දී ගංජා සමග අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන ජයතිලක මහතා පැවසීය.
පසුගිය 9 දා බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන් මෙම සැකකරුගේ නිවස වටලා ගංජා සමග අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත රැගෙන ඒමට සූදානම් වීමේ දී එහි සිටි ඔහුගේ සමීප ඥාතීන් පොලිස් නිලධාරීන්ට පහර දීමත් සමගම මෙම සැකකරු ඇතුළු පිරිසක් පලාගොස් තිබිණි.
COMMENTS
වත්තක කෙසෙල් කැනක් කපලා. අඹගෙඩි ටිකක් කඩලා පොලිසියට අහුවෙලා බේරිලා දුවන්න හැදුවොත් එයාව අල්ලලා මරන්න හදන පොලිස් නිලධාරින් මේ ජාතියේ අයගෙන් බොහෝ විට ගුටිකාලා තමයි එන්නේ. නමුත් නීතියෙනුත් එයාලාට ලොකු අවුලක් නෑ. පොලිසියටත් ගහලා හැංගිලා ඉන්න තරම් අවශ්‍යතාවයක් නැතුව තමන්ගේ බිස්නස් කරගෙන ඉන්නේ එ්කනේ...
දවසට "හතරපස්" සැරයක් අනුභව කල ගම් ඌරු මාංශ ,වල් ඌරු මාංශ මතක්වෙන්නම දීල වැඩ පටන්ගත්තොත් හොඳයි.
දැන් ඉතිං ගොටුකොළ නෙවේ, තණකොළ රිෆායි තමයි.
නඩු විභාග අවසන් වෙනතුරු ඇප නොදිය යුතුයි.