(යොහාන් භාසුර)
රට පුරා ගංඟා ආශිතව තෝරාගත් ස්ථාන 10,733 ක් ආරක්‍ෂිත ප්‍රදේශ බවට පත්කිරීමට තීරණය කර ඇති බවත් එම ස්ථානවල ඇති ඉදිකිරීම් ඉවත්කිරීමට පියවර ගන්නා බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ගංඟාවලට හානිවන බවට හදුනාගෙන ඇති ස්ථාන 10,733 න් ස්ථාන 1474 ක් කැලණි ගඟ ආශිත ස්ථාන බව කී අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගංඟා පරිසරය විනාශ කරන පුද්ගලයන්ට එරෙහිව ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද සඳහන් කළේය.
පරිසර අමාත්‍යංශය ක්‍රියාත්මක කරන ‘සුරකිමු ගංඟා’ ව්‍යාපෘතිය යටතේ කැලණි ගඟ පිරිසිඳු කිරීමට තීරණය කර ඇති බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමැතිතුමෝ, ඔහොම්ම බැරිද ප්ලාස්ටික්, වීදුරු අරක්කු බෝතල් එළියට දාන කොම්පැනිවලට ඒවා අනිවාර්යයෙන් එකතු කරන්න කියලා නීති දාන්න. දවසට 1/4 බෝතල් විතරක් මිලියන ගාණක් පාරට විසිවෙනවා. තව ටික කාලෙකින් පොලිතීන්වලින් වැහිලා තියෙන ලංකාව වැහෙන්නේ අරක්කු කාලේ බෝතල් වලිනුයි, බියර් කෑන් වලිනුයි, ප්ලාස්ටික් පැණි බීම බෝතල් වලිනුයි. රටක පාර්ලිමේන්තුවක් තියෙන්නේ මෙම කාරණා විවාදයට අරගෙන, ජාතික ප්‍රතිපත්ති රාමුවක් හදලා ක්‍රියාත්මක කරන්න. (නැතිව වම්බටු, දූරියන් ගැන කතා කරන්න නෙවෙයි) පක්ෂ, විපක්ෂ හමෝගේම වගකීමක් ඉටු නොවුණු නිසා රටේ පරිසරය තත්පරෙන් තත්පරේ ගොඩගන්න බැරි තරමට විනාශ වෙනවා...