කොරෝනා වෛරසය ලොවින් තුරන් කිරීම සඳහා සෙත් ප්‍රාර්ථනා කරමින් කොළඹ හුණුපිටිය ගංගාරාමය විහාරස්ථානයේ සති පිරිත් දේශනාවක් අද (30) රාත්‍රීයේ ආරම්භ කෙරිණි.
ශ්‍රී ලංකා අමරපුර නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස නාහිමියන්, නාරාහේන්පිට අභයාරාමාධිපති මරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ,බලංගොඩ සෝභිත හිමි , කිරින්දේ අස්සජි හිමියන් ඇතුළු මහා සංඝරත්නය වැඩම කළ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගිවූහ.
(ඡායාරූප - චතුර එස් .කොඩිකාර)








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිරිත් දේශනාකර ලෝකයෙන් ලෙඩ තුරන් කිරීමට හැකි නම් සිරි ලංකාව ලෙඩරෝග නැති රටක් විය යුතුය.
ඇයි කොරෝනා විතරක්. අපි සියලු ලෙඩ රෝග මේ ක්‍රමයට තුරන් කරමු.
අපේ හාමුදුරුවනේ මේ ලෙඩේ අපේ 225 ට හැදුනොත් මොකද වෙන්නේ? මේ කට්ටියට පිරිත් නුල් ගැට ගහන්න. පොඩි ලෙඩේටත් යන්නේ සිංගප්පුරු. ඉතින් කොරෝනා හැදුනොත් ඒ රට බාර ගන්නේ නැහැ. ලංකාවේ මහා රෝහලට ගිහින් පුරුදුත් නැහැනේ. කොහොමහරි ආරක්ෂා කරලා දෙන්න. චීනයත් බෞද්ධ රටක්. නමුත් කන්නෙම සත්තු. ඒ කරපු පවට දෙවියන්ගෙන් දඩුවම් ලැබුනා. අපේ රටත් බෞද්ධ රටක්. නමුත් මස් මාළු කන්න බයයි. අපේ ලොක්කෝ කන්නේ දුප්පත් ජනතාවගේ මුදල්. ඒවාට තවම දෙවියන්ගෙන් දඩුවම් ලැබුනේ නැහැ එදාට කට්ටියට. දියවන්නාවට පනින්න වෙන්නේ. ඇග පුරා කුෂ්ට දාපුවම ඒකනම් බෝවෙන එකක් නැහැ. හොරුන්ට පමණයි.
පිරිත්වලින් සියලු ලෙඩ සුව කරන්න පුළුවන්නම් හොඳයි..
අපි බෞද්ධයන් හැටියට ඇති විශ්වාසය අනුව මේක ඉතාම වැදගත් පියවරක් හාමුදුරුවනේ... රටපුරාම පන්සල්වල මේ කටයුත්ත කරනවා නම් කියලා හිතෙනවා. අන්‍ය ආගම්වලටත් මේ වැඩපිළිවෙල තවදුරටත් ව්‍යාප්ත කළ හැකියි. අපේ හාමුදුරුවනේ පිටරට ඉන්න අපටත් මුදල් ගෙවා පිරිත් නූල් ඉක්මණින් කෙලින්ම පන්සලෙන් ගෙන්වාගැනීමට වෙබ් අඩවියක් හෝ වෙබ් පිටුවක් හරහා ඉක්මණින් පහසුකම් සලසනවා නම් අපටත් පේපෑල් වැනි ක්‍රමයකට මුදල් ගෙවා මේ මහඟු කාර්යයට දායක වීමටත් අපේ චිත්ත භීතිය තුරන් කරගෙන පහන් සිත් ඇතිකර ගැනීමටත් පුළුවනි. එය අද විදේශ විනිමය හිඟවී ඇති අපේ රටේ ආර්ථිකයටත් යන්තමින් හෝ රුකුලක් වනු ඇති...
කොරෝනා වෛරසය මිනිසුන්ගේ පාපය මෝරායාමේ ප්‍රතිඵලයක් ලෙස මෙලොවට විනකරමින් සිටියි. මේ වෛරසය මර්ධනයට තවත් පිරිසක් සිවුරු දමාගෙන පිරිත් කීවාට හරියයිද?
කොරෝනා ආවයින් දේශපාලකයින්ගේ වැඩ කිරීමට බාදාවක් උනා.