සිංගප්පූරුවේ එළිසෙබෙත් රෝහලේ ප්‍රතිකාර ලබන කොළඹ , හුණුපිටිය , ගංගාරාමාධිපති ගලබොඩ ඥාණිස්සර හිමිගේ සුව දුක් විමසීම සඳහා වරාය හා නාවික කටයුතු සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා අද (27) එහි ගියේය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත අමාත්‍යවරයා මෙලෙස ගොස් ස්වාමීන්වහන්සේගේ සුව දුක් විමසා තිබේ.
ස්වාමීන්වහන්සේ බැහැ දැකීමෙන් අනතුරුව අමාත්‍යවරයා රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය ද හමු වී හිමියන්ගේ සෞඛ්‍ය තත්වය පිළිබඳවද වැඩිදුර විමසා බැලීය.
(36698)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අපේ සල්ලිවලින් ටිකට් අරගෙනද ගියේ?
ඒ එක්කම අරයගෙන් (රටෙන් පැන්න හොරාගෙන්) පණිවිඩයක් එහෙම ලැබුණද?
අපේ රටේ තිබෙන රෝහල් වලට මොකද වෙලා තියෙන්නේ? ඇයි ඒ වල නතර වෙන්න බැරි? පුදුමයිනේ, ප්‍රභූලත් යන්නේ මේ රෝහලට... මොනවගේ ලෙඩකටද මේ යන්නේ? මේ කට්ටියට විතරක් හැදෙන ලෙඩේ මොකක්ද? ලංකාවේ බෙහෙත් නැත්ද? මේවට යන මුදල් ජනතාවගේ නේද ගෙවන්නේ? වකුගඩු රෝගීන්, පිලිකා රෝගීන් දවසකට කීදෙනෙක් මිය යනවද මුදල් නැතිව, බෙහෙත් නැතිව, නමුත් මේ රෝහලේ බෙහෙත් ගන්න නතර වෙලා ඉන්න අයවත් බලන්න යනවා. කොපමණ මුදල් නාස්තියක්ද? ජනතාවගේ බදු මුදල් මේ දුප්පතා බදුගෙවලා කිසිම දෙයක් නැතිව මැරිලා යනවා. මේ කාටවත් ඒ මිනිසුන් බලන්න වෙලාවක් නැහැ.
දොඩම් ගෙඩි මල්ලක් එහෙමත් අරන් යන්ට ඇති කියලා හිතනවා.
තමන්ගේ සල්ලි වලින්ද නැතිනම් රටේ ජනතාවගේ සල්ලි වලින්ද ටිකට් ගත්තේ...? ඔන්න කෝප් කමිටුවට තව හොයන්න දෙයක්...
2019 ලොකුම විහිළුව! අපේ රනිල් මහත්තයා සාගල සිංහප්පුරු යැව්වේ ගලබොඩ ඥාණිස්සර හිමි බලන්නද නැත්නම් අර්ජුන් මහේන්ද්‍රන් හම්බ වෙන්නද? මේ අයගේ හිතේ අපි මෝඩයින් කියලා..
අපෝ, ඕකවත් තේරෙන්නේ නැද්ද? සිංගප්පුරුව හරහා දිව්‍ය ලෝකෙට යන්න පහසුයිනේ. ලංකාවේ දේශපාලකයින්ට හා පූජකයින්ට එම පින පෑදී තිබෙනවා. කොහොමත් දෙගොල්ලම ජනතාව වෙනුවෙන් කරන්නේ එකම ජොබ් එක...