(තරිඳු ජයවර්ධන සහ නිමල කොඩිතුවක්කු)
දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථා මූලස්ථානයේ දී සිදුකළ වෙඩි තැබීමකින් තිදෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ අතර ඔවුන් තිදෙනාගෙන් අයෙක් රාත්‍රී 6.45 ට පමණ මියගිය බව රෝහල් ආරංචි මාර්ග කියයි. තුවාල ලබා සිටින දෙදෙනාගෙන් අයකුගේ තත්ත්වය බරපතළ බවද රෝහල් ආරංචි මාර්ග කියයි.
දෙදෙනකුට හිසට සහ පපුවට වෙඩි වැදී තිබිණ.
හිටපු ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සංස්ථා පරිශ්‍රයට ඇතුළු වීමට පැමිණි අවස්ථාවේදී එහි සිටි පිරිසක් සමඟ ඇති වු බහින් බස් වීමක් දුරදිග ගොස් එම අවස්ථාවේදී මෙය සිදු වී ඇතැයි පොලීසිය පවසයි.
මේ මොහොත වන විට පොලීසිය, කැරලි මර්දන ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය යොදා අවට ආරක්ෂාව තර කර තිබේ. ගුවන් පාලම අසලින් මාර්ගය වසා දමා ඇති අතර රැස්ව සිටින පිරිස් අතර දැඩි උණුසුම් තත්ත්වයක් මේ වන විට ඇති වී ඇත.
මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා ඇතුළු ඒකාබද්ධයේ මන්ත්‍රී කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ සිටිති.










( ඡායාරූප ලහිරු හර්ෂණ )

වෙඩි වැදීමෙන් මිය ගිය තරුණයා
COMMENTS
ගමයෙකුගේ වැඩ නිසා රටම අරාජිකත්වයට.... වහාම පාර්ලිමේන්තුව කැඳවා රට ස්ථාවර කරගන්න. බහුතරය තියෙන ඕනෑ කෙනෙක්ට එතකොට ආණ්ඩු කරන්න පුළුවන්...
ගමරාළට පිස්සු... පාර්ලිමන්ට් එක ඕපන් කළා නම් බලය තියන එක කරයි. දැන් බොරුවට කෙළගන්නවා.
ඝාතන සංස්කෘතියේ ආරම්භය හෙවත් පළමු වෙඩි මුරය ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ආරම්භ කරලා තියෙන්නේ ලබන 16 වෙනිදා වෙනකම් මේ භීෂණ සංස්කෘතියට රටට මුහුණ දෙන්න සිදුවේවි. එය පරාජය කිරිමේ වගකීම ප්‍රගතිශීලී හා ප්‍රජාතන්ත්‍රවාදී කණ්ඩායම් මත පැවරෙන වගකීම වේ. ජනතා ද්‍රෝහී සිරිසේන කල්ලිය පලවා හැර රටතුල නීත්‍යානුකූල භාරකාර ආණ්ඩුවක් පිහිටුවා රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා සාමය ආරක්ෂාකිරීමට පියවර ගතයුතු වේ.
වහාම පාර්ලිමේන්තුව කැඳවා රට ස්ථාවර කරගන්න. බහුතරය තියෙන ඕනෑකෙනෙක්ට එතකොට ආණ්ඩු කරන්න පුළුවන්...
අපට සතුටුයිනේ දැන්... අවුරුදු සමරන වෙලාවට, මල්වෙඩි ගහද්දී, ප්‍රවේසම් වෙන්න කියලා කොච්චර අවවාද කලත් මිනිස්සු අහන්නේ නැහැනේ...අපරාදේ දේශප්‍රේමී ජීවිත....
රට අරාජික නොකර පාර්ලිමේන්තුව කැදවන්න.
මේක තමයි ඉල්ලුවේ
කරුණාකරලා රට විනාශ කරන්න එපා. රනිල් එලවලා මහින්ද ගෙනාව කියලා රටේ මොකක්ද වෙනස් වෙන්නෙ. ඕක කරන්න ලබන මාසේ වෙනකම් ඉන්න බැරිද අය වැය පැරද්දුවනම් ඉවරයිනේ. එහෙම නැත්නම් පාර්ලිමේන්තුව කැඳවලා බහුතරය තියන කෙනාට බාර දෙන්න. රට අවුල් කරලා මිනිස්සු අතරේ වෛරය පතුරුවලා අසරණ මිනිස්සුන්ට හිරිහැර කරන්න ඉඩ තියන්න එපා. මොනවා උනත් පහුගිය කාලේ මිනිස්සු අතරේ වෛරය අඩු උනා ලොක්කෝ එකට හිටපු හින්දා.
ඒකාබද්ධයේ අය ඔතනට රිංගුවේ ලකුණු ගන්නද? ශ්‍රී ලංකාවේ පොලිසිය ඒ ගොල්ලද? බඩගෝස්තරය සොයන දේශපාලකයන් තව කොපමණ කලක් රට උලා කෑම කරන්නේද?
පාර්ලිමේන්තුව රැස් කරන්න හදන්නේ අපේ ඡන්දෙන් එක එක පක්ෂවලට තේරුන මැති ඇමතිවරු එක පක්ෂෙකට සල්ලි දීල බා ගත්තට පස්සේ. එයාලට සල්ලි හම්බ කරන්න නියම අවස්ථාව.
අලුත් ආණ්ඩුවක් වෙනුවෙන් පළමු නර බිල්ල.