(හසිත රංග ගුණතිලක)
ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයේ කැපී පෙනෙන නායකයකු වූ අභාවප්‍රාප්ත කේ. පී. සිල්වා මහතාගේ අවසන් කටයුතු අද(11) සවස 4.00ට බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතය.
ඒ මහතාගේ දේහය අද පෙරවරුවේ සිට සවස 4.00 දක්වා මහජන ගෞරවය සඳහා බොරැල්ලේ පිහිටි ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ තැන්පත් කර ඇත.
එහිදී කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩී. ටී. ගුණසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර, එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක යන මහත්වරු ඇතුළු පක්ෂ රැසක නියෝජිතයෝ පිරිසක් කේ. පී. සිල්වා මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වූහ.
ශ්‍රී ලංකා වාම ව්‍යාපාරයේ පුරෝගාමියකු වන කේ. පී. සිල්වා මහතා මිය යනවිට 96 වැනි වියෙහි පසුවිය.
(ඡායාරූප - චතුර එස්. කොඩිකාර)







2025 දෙසැම්බර් මස 04
277
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
408
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
390
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කේ.පී. සිල්වා සහෘදයින්ගෙන් සමුගනී
sirimal Monday, 11 March 2019 10:02 AM
ඔය පින්තූරවල ඉන්න සමහරු මරණ ගෙදරදී රතු පාට කමිස ඇඳගෙන හිටියට මේ දවස්වල කිසිම ලැජ්ජාවක් බයක් නැතුව ජාතිවාදය, ධනවාදය වගේ දේවල් උළුප්පමින් බලයට එන්න දඟලන දුෂණ, භීෂණ චෝදනා වන්ට ලක්වී ඇති අයට උල්පන්දන් දෙන කට්ටිය නේද?
Raveendra Monday, 11 March 2019 11:17 AM
ඔබට නිවන්සුව අත්වේවා !!!