IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


කළු දිලීර රෝගීහු කිහිප දෙනෙක් මෙරටින් හමු වෙති

(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)

කොවිඩ් ආසාදිතයින්ට වැළඳෙන කළු දිලීර රෝගය වැළඳුණු රෝගීන් කිහිපදෙනෙක් කොළඹ ජාතික රෝහලෙන් මෙන්ම කුරුණෑගල සහ රත්නපුර රෝහල්වලින් හඳුනාගෙන ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද (15) පැවසීය.

මේ වන විට වැළඳුණු රෝගීන් සංඛ්‍යාව තමා සතුව නොමැති නමුත් එය ඉතා කුඩා සංඛ්‍යාවක් බවද ඔහු ප්‍රකාශ කළේය.

මෙය එකිනෙකා අතර වසංගතයක් ලෙස බෝ නොවන නමුත් ප්‍රතිශක්තිය හීන අයට මෙය වැළඳීමේ අවදානමක් තිබෙන බව වෛද්‍යවරයා සඳහන් කළේය.
මෙය වැළඳෙන්නේ ප්‍රතිශක්තිය ඉතාම අඩු අයට බැවින් එම මාරාන්තිකවීමේ වැඩි අවස්ථාවක් ඇතැයි ද හේමන්ත හේරත් මහතා කීවේය.

මීට පෙර කළු දිලීර රෝගීන් මෙරටින් හමුවී ඇතත් කොවිඩ් රෝගීන්ට වැළඳී නොතිබූ බව ද හෙතෙම පැවසීය.

විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මේ බව පැවසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී අද (15) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
මෙහි රෝග ලක්ෂණ තීරණය වෙන්නේ රෝගය ඇතිවන ස්ථානය අනුව බව ද කී වෛද්‍යවරයා සමේ, නාසය, මොළය ආශ්‍රිතව, පෙනහළුවල, ඇස හෝ ඇස ආශ්‍රිතව, ශරීරයේ අභ්‍යන්තර ඕනෑම මතුපිටක මෙය ඇතිවිය හැකි බව ද වෛද්‍යවරයා පැවසීය.

පරිසරයේ ඇති දිලීරයක් හේතුවෙන් ඇතිවන මෙම තත්වය ඇතිවන්නේ ශරීරයේ ප්‍රතිශක්තිය ඉතාම අඩු පුද්ගලයින්ට පමණක් බව කී වෛද්‍යවරයා පාලනය නොකළ බෝ නොවන රෝගවලින් පෙළෙන අය, ඉන්ද්‍රියන් බද්ධ කළ හා ප්‍රතිශක්තිකරණයට බෙහෙත් ලබාගන්නා අයට මෙය වැළඳීමේ වැඩි ඉඩකඩක් ඇතැයි සඳහන් කළේය.
මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට බෝ නොවන බව ද හෙතෙම පැවසීය.

පරිසරයේ ඇති දිරාපත්වන කසල පුස් ආදිය රැඳෙන ස්ථානවලින් තමයි වායුගෝලයට මෙම දිලීරයේ බීජාණු එක්වන බවත්, දිලීර ආසාදන රෝගයක ලක්‍ෂණ මතුවුවහොත් වෛද්‍ය උපදෙස් ලබාගැනීම වඩා සුදුසු බවත් හේමන්ත හේරත් මහතා කීවේය. 



අදහස් (0)

කළු දිලීර රෝගීහු කිහිප දෙනෙක් මෙරටින් හමු වෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 470 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 465 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 416 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site