(අජිත්ලාල් ශාන්තඋදය)
සිරිපා වන්දනාවේ යන අතරතුර පලාබද්දල ප්‍රදේශයේදි කලු ගඟේ දියනෑමට ගිය සිව් දෙනකුගෙන් තිදෙනකු හදිසියේ ගලා සැඩ පහරට ලක්ව පහළට ගසාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
දෙදෙනකුගේ සිරුරු රාත්‍රියේ හමුවු බව පොලිසිය පැවසුවේය. අවුරුදු 12ක් පමණ වයසැති දරුවක් අතුරුදන්ව ඇතැයි ද පොලිසිය පවසයි.
ගඟේ ගසාගෙන යද්දී එක් තැනැත්තකුගේ ජීවිතය බේරාගෙන ඇති බව පොලීසිය කීවේය. මියගිය අයගේ හෝ අතුරුදන් වූ අයගේ වයස් ප්‍රමාණයන් පිළිබඳව තොරතුරක් මෙතක් ලැබී නැති බව ද කී පොලීසිය මියගොස් සහ අතුරුදන්ව ඇත්තේ හොරණ, අඟරුවාතොට සිට පැමිණි අය බව ද පොලීසිය කීවේය.
සිරිපා අඩවියට අද සවස ඇදහැලුණු මහ වැසි නිසා කලුගඟේ ජල මට්ටම ඇඳිරි වැටෙද්දී පලාබද්දල ප්‍රදේශයේදී වැඩි වී තිබේ. මියගිය සහ අතුරුදන් වුවන් අදුරු වැටෙද්දී පලාබද්දල දී කලුගඟට ගොස් ඇති බව ද සඳහන් ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගුරුවාතොට කියන්නෙ කලුගග ගලායන ප්‍රදේශයක්. ඉතින් මොකටද පලාබත්ගලදී නොදන්නා තැනක නාන්න ගියේ.සමහරක් අයට මීහරක් මස් කාල වගේ වතුරක් දැක්කම ඇග දැවිල්ල ගන්නවා බොහෝ දෙනෙක් ට්‍රිප් යන්නෙ නාන්න පමණි .ප්‍රදේශයේ සිරියාව නැරඹීමේ අවශ්‍යතාවක් නැහැ .නැතත් ඔය ප්‍රදේශයේ වතුර ඉතාමත් සීතලයි.ගසා නොගියත් අනතුරක් වෙන්න තිබුනා