(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
එක්සත් රාජධානියේ සිට මෙරටට ආනයනය කර ඇතැයි කියන සායනික අපද්‍රව්‍ය සහිත කැළි කසළ අඩංගු බහාලූම් (කන්ටේනර්) යළිත් එරට යැවීම සඳහා එරට බලධාරීන් සමඟ සම්මුතියකට එළැඹූ වහාම අධිකරණයට දැනුම් දෙන ලෙස අභියාචනාධිකරණය මධ්‍යම පරිසර අධිකාරියට අද (4) නියෝග කළේය.
මේ කරුණ පිළිබඳව දැනට එක්සත් රාජධානියේ පරිසර ඒජන්සිය සමඟ සාකච්ඡා පැවත්වෙන බවට නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ නිතිඥ චාරුක ඒකනායක මහතා කළ දැනුම් දීමක් සැළකිල්ලට ගනිමින් අභියාචනාධිකරණය මෙම නියෝගය පැනවීය.
සායනික අපද්‍රව්‍ය සහිත කැළි කසළ අඩංගු බහාලූම් දැනට රඳවා තිබෙන කොළඹ වරාය පර්යන්තයෙන් හා කටුනායක ආයෝජන ප‍්‍රවර්ධන කලාපයෙන් පිටතට ප‍්‍රවාහනය කිරීම වළක්වාලමින් අධිකරණය නිකුත් කර ඇති අතුරු නියෝගය ඊට බාධාවක් නොවන බවද අභියාචනාධිකරණය සදහන් කළේය.
මෙම කැළිකසළ මෙරටට ආනයනය කළ සිලෝනි මෙටල් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ මෙම කැළි කසළ ප‍්‍රති අපනයනය කිරීමට තමන් විරුද්ධ බවයි.
මෙම පෙත්සම මැයි 4 වැනි දින සළකා බලන ලෙසද නියෝග කෙරිණි. මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ.එච්.එම්.නවාස් සහ විනිසුරු අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් හමුවේ කැඳවිණි.
පාරිසරික යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත සිසිර කුමාර මහතා විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය , රේගු අධ්‍යක්ෂ ජනරාල් සහ නීතිපති නම් කරනු ලැබ ඇත.
මෙම විදෙස් අපද්‍රව්‍ය මඟින් පිටවන විෂබීජ හේතුවෙන් පිළිකා සහ වකුගඩු රෝග සෑදීමේ අවදානමක් ඇතිවේ. මෙවැනි ක‍්‍රියාවන් සිදු කිරීමට මධ්‍යම පරිසර අධිකාරියේ අවසරය ලබා ගත යුතුව ඇත.මේ පිළිබඳව අවශ්‍ය පියවර ගන්නා ගෙස පෙත්සම්කරු මධ්‍යම පරිසර අධිකාරියට ලිඛිතව සැළ කර සිටියත්, මෙතෙක් ඒ පිළිබඳව යහපත් ප‍්‍රතිචාර ලැබී නොමැත.
2025 දෙසැම්බර් මස 30
7
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
696
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කැළි කසළ බහාලුම් ගැන මධ්‍යම පරිසර අධිකාරියට නියෝගයක්
සඳුන් Wednesday, 04 March 2020 12:47 PM
අපේ රටේ ජනතාව හරිම අවාසනාවන්තයි. පේනවද මේ කුණු සම්බන්ධයෙන් වගකිය යුත්තෙක් තවම නෑ... කුණු ටික පොලොවටම පස් වෙනකම්ම අධිකරණ ක්‍රියාවලිය ඇල්මැරුණු ස්වභාවයෙන් තියෙනවා.