IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කොළඹ හෝටල් 143කට සහ ආපනශාලා 55කට නඩු

(ජයන්ත සමරකෝන්)
 
සෞඛ්‍යාරක්ෂිත බවින් තොරව හෝටල් සහ ආපනශාලා පවත්වාගෙන යාමේ චෝදනාව මත කොළඹ හෝටල් 143කට හා ප්‍රධානපෙළේ ආපනශාලා 55කට එරෙහිව නඩු පැවරූ බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා අද(22) පැවසීය.
 
මෙම හෝටල් සහ ආපනශාලාවල මුළුතැන්ගෙවල්, ශීතකරණ හා අධිශීතකරණ ඉතා අපිරිසිදු තත්ත්වයේ පැවති බවද ඒවායේ මීයන්, කැරපොත්තන් සහ මැසිමදුරුවන් ගැවසෙන බවද ඒ මහතා කීවේය.
 
කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ උපදෙස් පරිදි කොළඹ නගරය තුළ ඉකුත් 12වනදා සිට ආරම්භ කර ඇති හෝටල් සහ ආපනශාලා පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළ යටතේ මෙම හෝටල් සහ ආපනශාලා සොයාගත් බවද ඒවා නැවත යථා තත්ත්වයට පත්කරගන්නා තෙක් පරීක්ෂාවෙන් සිටින බවද හෙතෙම සඳහන් කළේය.
 
නගරයේ සෑම සෞඛ්‍ය කොට්ඨාසයක්ම නියෝජනය වන පරිදි ඒ ඒ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මහජන සෞඛ්‍ය නිලධාරීන් 50ක් පමණ මෙම සෞඛ්‍ය සේවාවට අනුයුක්ත කර ඇතැයිද නාගරික ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.



අදහස් (1)

කොළඹ හෝටල් 143කට සහ ආපනශාලා 55කට නඩු

Nihal Friday, 22 March 2019 06:24 PM

අපේ රටේ ආපන ශාලාවල අපිරිසිදු කොච්චරද? මිනිසුන්ට වැටහෙන්නේ නැහැ. ඔක්කොම වගේ එකම තත්වයනේ, ඔවුන්ගේ ගෙවල්වලත් එහමයි, හුනෝ, මී රාජධානි. මම කඩවලින් කෑම ගැනීම සම්පූර්ණයෙන් අත්ඇරලා තියෙන්නේ...

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 742 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site