(යොහාන් භාසුර)
කොළඹ වරාය නගරයේ ඡායාරූප ගැනීමට සහ වීඩියෝ කිරීමට අවස්ථාව ලබාදෙමින් ඒ සඳහා වන ගාස්තු කොළඹ වරාය නගර සමාගම ප්‍රසිද්ධ කර තිබේ.
මෙහිදී පෞද්ගලික සහ ව්‍යාපාර ලෙස කාණ්ඩ දෙකක් යටතේ ගාස්තු අයකරන බවත් පෞද්ගලික කාණ්ඩයේ පුද්ගලයන් දෙකේ සිට පහක උපරිමයට රුපියල් 30,000 ක් ද, පුද්ගලයන් හයේ සිට 10 කට රුපියල් 50,000 ක් ද, පුද්ගලයන් 10 කට වැඩිනම් ගාස්තුව වෙනස් වන බවත් වරාය නගර සමාගම පවසයි.
ව්‍යාපාරික කාණ්ඩයේ පුද්ගලයන් 10 කට අඩු නම් රුපියල් ලක්‍ෂයක් ද, පුද්ගලයන් 10 කට වැඩි නම් ගාස්තුව වෙනස් වන බවත් මෙම කාණ්ඩ දෙකටම එක අවස්ථාවකදී පැය තුනක කාලයක් හිමිවන බවත් එම සමාගම වැඩි දුරටත් කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීන වැසියන්ටත් මේක අදාලද...? දන්නැති නිසයි ඇහුවේ...
නොදෝමකින් විතරක්... මගේ රටේ ෆොටෝ ගන්න හොර චීනාට සල්ලි ගෙවන්න.. මගේ බල්ලාවත් එන්නේ නැහැ ඕක බලන්න. ඔය ජරාවේ ෆොටෝවලට දෙන සල්ලිවලින් දුප්පත් පවුල් 100කට වේලක් කන්න දෙනවා. මේ අයට හෙනම ගහන්න ඕනෑ. අනික තව අවුරුදු 30කට කලින් ඕක ගිලෙනවා...
මේ ටිකට මන්තීරුවල බාල ප්ලාස්ටික් වලින් හදලා තියෙන කොටස් බොහෝ තැන්වල හිල්වෙලා කැඩිලා ගිහින්. වරායේ ජලය කුණු කසලවලින් පිරිලා තියෙන ආකාරය පෙන්වන පින්තුර ලෝකය පුරා අන්තර් ජාලය මඟින් බෙදා හැර තියෙනවා. මෙතන ඒ පින්තුර දාන්න බැහැ. නැත්නම් පෙන්වන්න තිබුණා කයිවාරුවේ තරම... මේ වගේ මේ වෙලාවේ කිසිම වැඩකට නැති බොරු සෝබනවලට වියදම් කරන සල්ලි දරුවන්ට කිරිපිටි ගන්න වියදම් කළා නම් හෙණ ගහනවද?
මේ ගාස්තුවලින් කියැවෙන්නේ ඡායාරූප ගැනීම සඳහා උනන්දු නොවන ලෙසයි. එය ආරක්ෂාවට පවා තර්ජනයක් විය හැකි බැවින් වගකීමක් සහිතව අවශ්‍ය අයට එය කළ හැකියි...
මේ කියන්නේ මිනිස්සු ගිහිල්ලා නිකං ගන්න පින්තූර නෙවෙයි.. අර හෝටල් වලට ගිහින් ගෙවලා ගන්න ප්‍රී ෂූට් වෙඩින් පින්තූර වගේ ඒවා...
වරාය නගරයේ හදපුවට ණය ගෙවන්නේ අපි. එහෙමනම් ඒ ආදායමෙන් කොටසක් අපටත් ඕනෑ. නැතිනම් ඔය මහනගර සභාකාරයෝ ඒ ණය ගෙවන්න ඕනෑ. එහෙමත් නැතිනම් ඒ අයකරන ගාස්තුව මහාභාණ්ඩාගාරයට බාර කරන්න ඕනෑ...
අනුන්ගේ රටකට ගියාම ඔහොම තමයි. එයාලගේ නීතිය තමයි නීතිය. ලාංකික අපිට ඕන විදියට ඔය හරියේ වැඩ කරන්න බෑ...
චීනයට හොඳ ව්‍යාපාරයක්. නැරඹීමට නොපැමිණීම හොඳය. ඩොලර් වලින් ගෙවීමට නොපැමිණියේ වාසනාවකි. වරාය නගරය නැරඹීමට සෑම කෙනෙකුම නොයා යුතුය. ජනතාව මෙවැනි දේවල් වර්ජනය කළ යුතුයි.
මුන්ට සල්ලි දෙනවට වඩා හොඳයි නොගිහින් ඉන්න එක
අයියෝ අයියෝ අපි ජීවත් වෙන රටේ තත්වය මේ තරම් පිරිහුනාද! - අතිශයින්ම කණගාටුයි, තමන් උපන් රටේ තමන්ට කැමති තැනක පොටෝ එකක් අරන් විනෝද වෙන්නත් රජයට කප්පම් ගෙවන්න සිද්ධ වුනා!!!
ඔය එන්නේ බඩු. තව ටික දවසකින් බලන්න යනවාටත් ගෙවන්න වේවිද දන්නේ නෑ..
ටොයිලට් ගාස්තු කීයක් වෙයිද දන්නේ නැහැ..?
ඔහොම වෙන්න බැහැ. දැන් ජාත්‍යන්තරයට බය නැති, කෙලින් වැඩ කරන නායකයෙක් ඉන්න රටක්. චීනුන්ට වැරදිලා ඇති. මහජන මුදලින් වන්දි ගෙවලා හරි අර අසූචි නැව පිටමන් කළා...
මේ අයට පිස්සු.. මේ වගේ තීන්දු ගන්න නිලධාරීන් අනිවාර්යයෙන් ලෝකය ගැන මෙලෝ දෙයක් දන්නේ නැති ළිං ගෙම්බෝ..!!!
ඔය ආරම්භය.. තව ටිකකාලෙකින් ඇතුල් වෙන්න ටිකට් ගන්න කියයි. ඊට පස්සේ, කලින් අවසර ගත්ත අයට පමණයි කියයි.. ඊට පස්සේ ඉතින් තව මොනවා දායිද කවුද දන්නේ..?
වරාය නගරයට කිරිබත් ගෙන්වාගන්න කීයක් යයිද?
හරි හමන් වටිනා එකක්නේ.. සල්ලි දිලා පොටෝ ගහගන්න. ගොන් හැත්ත...
ඔය නව නගරය රාජපක්ෂ පරම්පරාවට පමණක් දීලා, ජනතාව මුලාකරන මේ ගමන් වලින් වැළකී සිටීමට උත්සාහ කරන්න. ඒවායේ මුදල්වලට ගැති වී දේශපාලන භූමිකාව තුළ බැසිල් අති විශාල ලෙස කණගාටු වෙන්න වෙනවා නම් කොහොමද මේ වගේ ගොං හරක් වැඩ ජනතාව මුලාකරන... මේ සේරම පල් හොරු, අපේ රටේ අපේම මුදල්වලින් ගොඩ නැගීම කර අපෙන් බලාපොරොත්තු වෙනදේ, මෙයාලට ආතල් තමයි, මෙහෙම කුජීත මිනිසුන් සිටින රටක් තුළ තවත් ඉන්න හිටින්න පුළුවන්ද?
වරාය නගරය හදලා ඉවර වෙනකොට රටේ කළුගල් නැතිවෙනවා කිව්ව ගොයියා සරම පොරවාගෙන බුදි ඇති...
මම නම් ගරු, චීන ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ, මේ රටේ අපතයින්ව මුදල් ගෙවලා ෆොටෝ එකක් ගන්නවත් ඔය භූමියට නම්, වද්දගන්න එපා කියලයි. මෙතරම් ස්වභාව සෞන්දර්යයකින් පිරි භූමිය කාලා විනාශ කළ අමනයින්, ඔය බිම්කඩ විනාශ කරලා දමයි දවසට දෙකට... එක අතකට ඉතින් ආයේ අමුතුවෙන් කියලා දෙන්න අවශ්‍ය නැහැ. එතුමාලා හොඳට දන්නා නිසා තමයි දැනට මේ විදිහට වැඩේ ආරම්භ කරලා තියෙන්නේ...
අපේම නයි අපිවම කයි...
මේක ලංකාවේ කොටසක් නෙවෙයි. ඉතින් ඔබට ගෙවන්න සිදුවෙනවා.
ශ්‍රී ලංකාව තෙවැනි ලෝකයේ රටක්... ඉහළින් රකින්න ඕනෑ.