
කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ නැංගුරම් ලා තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ගින්නක් හටගෙන ඇති බවට තොරතුරු ලැබි ඇතැයි නාවික හමුදාව කියයි.
තොරතුරු ලද වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, එම මුහුදු ප්‍රදේශය වෙත ශ්‍රී ලංකා සාගර සහ සිඳුරළ යන ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකා 02 සහ වේග ප්‍රහාරක යාත්‍රාවක් පිටත් කර හැරීමට කටයුතු කළ බව ද නාවික හමුදාව කියයි.
මේ වන විට වරාය අධිකාරියට අයත් ටග් යාත්‍රාවක් (01) ද මෙම මුහුදු ප්‍රදේශයේ නෞකාවේ ඇති වී තිබෙන ගින්න පාලනය සඳහා යොදවා ඇතැයි ද නාවික හමුදාව සඳහන් කරයි.
සිංගප්පූරු ධජය යටතේ ලියාපදිංචි වී ඇති මෙම නෞකාව 2021 මැයි මස 15 වන දින ඉන්දියාවේ හසීරා වරායේ සිට නයිට්‍රික් ඇසිඩ් (Nitric acid) ටොන් 25ක් සමඟ වෙනත් රසායනික ද්‍රව්‍ය සහ රූපලාවන්‍ය ආලේපන ද්‍රව්‍ය සහිත බහාලුම් 1486ක් රැගෙන යාත්‍රා කර ඇති අතර, නෞකාව 2021 මැයි මස 19 වන දින කොළඹ වරාය ආසන්නයට පැමිණ වරාය වෙත ඇතුළු වීම සඳහා නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ නැංගුරම් ලා තිබියදී මෙම ගින්න හටගෙන ඇත.
නෞකාවේ කාර්ය මණ්ඩලය පිලිපීන, චීන, ඉන්දීයනු සහ රුසියානු ජාතිකයින් 25ක ගෙන් සමන්විත වේ.












COMMENTS
රට ගොඩ දාන්න තවත් අවස්ථාවක්..., ඕක නිව්වම ලැබෙන සල්ලි වලින් වරායක් හදන්න පුළුවන්..., අර ළඟදී එකක් නිවලා නඩු එහෙම දාලා සල්ලි ගත්තා වගේ...