(යොහාන් භාසුර)

අයපත් කාලගුණයෙන් දුම්රිය මාර්ගයට හානි සිදුවීම නිසා අත්හිටුවා තිබෙන කොළඹ - මහනුවර දුම්රිය ධාවනය හෙට (22) සිට නැවත ආරම්භ කරන බව දුම්රිය සාමාන්‍ය අධිකාරි ධම්මික ජයසුන්දර මහතා පැවසීය.

රඹුක්කන සිට බලන දුම්රිය ස්ථානය දක්වා දුම්රිය මාර්ගයට හානි වීම නිසා දුම්රිය ධාවනය අත්හිටුවා තිබූ බවත් දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම මේ වන විට අවසන් වෙමින් පවතින බවත් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් පැවසීය.