IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


කොළඹ කුණු දුම්රියෙන් අරුවක්කාලුවට

(නිමල කොඩිතුවක්කු)

කොළඹ කුණු දුම්රියෙන් අරුවක්කාලූ සනීපාරකෂක කසළ අංගනය වෙත රැගෙන යාමේ නියමු ව්‍යාපෘතියක් සෙනසුරාදා (24) සිදුකරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප‍්‍රනාන්දු මහතා පැවසීය.

කුණු පැටවූ ලොරි රථ දෙකක් කොළඹ දුම්රිය අංගනයෙන් දුම්රියේ පටවාගෙන යමින් එම ව්‍යාපෘතිය අත්හදා බලන බවත් පැවසූ ඒ මහතා එම ක‍්‍රමවේදය සාර්ථක වේ නම්  කුණු ලොරි  දුම්රියෙන් අරුවක්කාලූ දක්වා ගෙනයාමට කටයුතු කරන බවත් සඳහන් කළේය.

ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේ දී  අද (19) පැවති මාධ්‍ය හමුවකදී  ඔහු මේ බව පැවැසීය.

කොළඹ නගරයේ එක්වන කැළි කසළ අරුවක්කාලූ සනීපාරකෂක කසළ අංගනය වෙත රැගෙන යාම මේ වනවිට ලොරි රථ මගින් සිදුකරන අතර ඒ සඳහා විශාල වියදමක් දැරීමට සිදුවේ.

මේ හේතුවෙන් කොළඹ කුණු දුම්රියෙන් අරුවක්කාලූ සනීපාරකෂක කසළ අංගනය වෙත රැගෙන යාම නියමු වයාපෘතියක් ලෙස ආරම්භ කරන බවත් පැවසූ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා එය සාර්ථක වුවහොත් කැළණිය කසළ හුවමාරු මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු අවසන් වන තෙක් දුම්රියෙන් කුණු ප‍්‍රවාහනය කිරීම සිදුකරන බවත් කීවේය.

කැළණිය කසළ හුවමාරු මධ්‍යස්ථානයේ කටයුතු ලබන මාර්තු මාසයේදී  අවසන් කිරීමට කටයුතු කරන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.

එම ව්‍යාපෘතිය යටතේ කොළඹ ඇතුළු තදාසන්න ප‍්‍රදේශවලින් එකතුවන කැළිකසළ මෙටි‍්‍රක් ටොන් 1200ක් කැළණිය කසළ හුවමාරු මධ්‍යස්ථානය වෙත රැගෙන ඒමෙන් පසු එම කසළ අධික පීඩනයකට ලක්කර දුම්රිය මාර්ගය ඔස්සේ අරුවක්කාලූ වෙත ප‍්‍රවාහනය කිරීමට සැලසුම් කර තිබේ.



අදහස් (4)

කොළඹ කුණු දුම්රියෙන් අරුවක්කාලුවට

chandima Monday, 19 August 2019 02:19 PM

ඔන්න දැන් කොළඹ ඉඳන් අරුවක්කාලුවලට රේල්පාරේ පයින් ගියානම්, ඉන්දියාවේ රේල්පාරක පයින් ගියා වගේ තමයි.

:       115       310

Gamarala Monday, 19 August 2019 03:45 PM

කරන්න ඕනේ කොළඹට කුණු එන මං ඇහිරීමයි. කොළඹට කුණු ගේන්නේ පිටින් එන අයයි. සියලුම ජනතාව දැනුවත් කළ යුතුයි කුණු ගෙන ඒමෙන් වළකින ලෙස... ඒ වගේම වෙළඳ ප්‍රජාව දැනුවත් කළ යුතුයි සිලි බෑග් භාවිතය අවම කිරීමට...

:       41       5

Kumar Monday, 19 August 2019 04:47 PM

කලකට පෙර මේ ආකාරයටම එංගලන්තයේ කසල ලන්ඩනයේ සිට තැන්පත් කරන ස්ථානයට දුම්රියෙන් ප්‍රවාහනය කළ වග නම් මම දන්නවා. මෙවැනි දෙයක් කරනවා නම් ඒ කටයුත්ත ක්‍රමානුකූලව නොකළොත් අසාර්ථක වෙනවා. එකතුකළ කසල දුම්රියට ගෙනෙන්නත් තැන්පත් කරන ස්තානයේදී නැවත ප්‍රවාහනය කිරීමට සිදුවෙනවග අමතක කරන්න එපා. මේ ක්‍රමය එතරම් කාර්යක්ෂම නැති බව කියන්න ඕනේ.

:       0       0

imesh Tuesday, 20 August 2019 03:35 AM

ඕකනේ ඉතින් කලින් සැලසුම් කරලා තිබ්බේ, දුම්රියේ ගෙනියන්න තමයි. මේක ඉක්මන් උනේ මහජනතාව ලොරි වලට සලකපු විදිහ නිසයි. නැත්තන් මේ වැඩේ මෙච්චර ඉක්මනට කෙරෙන්නේ නැහැ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 29780 30


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11967 7

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10886 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 740 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 222 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 873 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site