(ජයන්ත සමරකෝන්)
කොළඹ මහ නගර සභාවට නගරයේ කසළ පුත්තලම අරුවක්කාලු කසළ අංගනයට බැහැර කරලීම සඳහා දෛනිකව ප්‍රවාහන ගාස්තු වශයෙන් රුපියල් ලක්ෂ 30 ක මුදලක් දැරීමට සිදුවී ඇතැයි එහි කොමසාරිස් පාලිත නානායක්කාර මහතා පවසයි.
දිනපතා ලොරි රථ 30 ක් යොදවා කසළ ප්‍රවාහනය සිදුවන අතර, එක් ලොරි රථයක් සඳහා රුපියල් ලක්ෂයක් ගෙවන බවද ඒ මහතා කීය.
මෙම එක් ලොරියකට දිනකට යා හැකි ගමන් වාර ප්‍රමාණය එකක් බවද ගෙන යා හැකි ප්‍රමාණය උපරිමය ටොන් 15 ක් බවද හෙතෙම සඳහන් කළේය.
නගරයේ ගොඩ ගැසී තිබූ කසළ මෙට්‍රික් ටොන් 3000 ක් අතරින් අද වනවිට 1500 ක් ඉවත්කර ඇතැයි ද කී කොමසාරිස්වරයා දෛනිකව එකතුවන කසළ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 600 ක් බවද පෙන්වා දුන්නේය.
මෙම ලොරි රථවලට පොලිස් ආරක්ෂාව ලබාදී ඇතැයි ද නගර සභාව සඳහන් කරයි.
COMMENTS
කුණු එකඑක තැන්වල එක්කරනවා. අරුවක්කාලු වලින් කුණුවලට පිළියමක් තියේද? එතැනත් එක කෙරවලපිටියක් විතරක් වෙයිද? එක මිතොටමුල්ලක් විතරක් වෙයිද? කසල ගොඩ ගැසීමෙන් පමණක් විසඳුමක් ලැබෙයිද? කසල විනාශ කරන්නේ කොහොමද?
කසළ ප්‍රවාහන කොන්ත්‍රාත්තුවටත් දේශපාලකයෙක් සම්බන්ධ ඇති.
ඒකෙනුත් ගසාකාලා ඇති අර මැතිණිය. ආපු දවසේ ඉඳලම කොලඹ කෑවා.
ලංකාවේ මොනවා කෙරුවත් ඒක වන කරගන්නවා. අපි ඉන්න රටේ නම් කසල තැන්පත් කරන තැන ඈත නම්, එම කසල නගරයේ සුදුසු ස්ථානයක (transfer station) එකතු කර ටොන් 40ක් ගෙනයාහැකි ලොරිවල පැටව් තැන්පත් කරන ස්ථානයට ගෙනියනවා. දුගඳ නිසා එම වාහන පිරුණු විගසින් පිටත්වෙනවා. මගදිගට හැලෙනවට එම වාහන කැන්වස් රෙද්දකින් වසනවා. දැන් තිබෙන ක්‍රමයට කසල එකතු කරන වාහන වැඩි කලක් යන්න කලින් අබලන් තත්වයට පත්වෙනවා. කසල එකතු කරන වාහන ඈත ධාවනයට සුදුසු වාහන නොවේ.
කොළඹ කුණු අරුවක්කාලු වෙත ගෙනයන්න. දෛනිකව ලක්ෂ 30ක් ගෙවීමට සිදුව තිබෙන්නේ පසුගිය මැතිවරණයට පෙර කසල ගෙනයාම සඳහා යෙදවීමට පොරොන්දු වූ දුම්රිය තවම සාදා නිමකර නොමැති නිසාය...
ලොරියකට ගෙවන මාසික ආදායම එකතු කරලා තවත් අළුත් ලොරියක් ගත හැකියි. ලංකාවේ ඉඳන් එංගලන්තයට ගිහින් එන්න ගුවන් ටිකට් පතක්ම මෙච්චර වෙන්නේ නෑ.
කොළඹ ඉඳන් පුත්තලමට ලොරියක් හයර් එකට යන්න රුපියල් ලක්ෂයක් ගන්නවද ? ඔය කියන ලොරියකට පුත්තලමට ගිහින් එන්න වැඩිම වුනොත් රුපියල් 20000 ඩිසල් යාවි , අනිවාර්යයෙන්ම මෙතන දේශපාලකයෝ කොමිස් ගහනවා , කුණු හැමදා ගෙනියන නිසා රජයට ලිස් කරලා ලොරි ගත්තත් ලාභය, ලොරියක් වැඩිම වුනොත් තීරුබදු රහිතව ලක්ෂ 50-75 අතර මුදලක් වේවි. මාස 2-3 ලොරියේ වටිනාකම ඉතුරු වෙනවා. රියදුරන් දෙදෙනෙකු දමල ශිෆ්ට් දිවා රාත්‍රී ක්‍රමයට කුණු ගෙනිච්ච නම් රජයට මේ වැඩේට අවශ්‍ය වෙන්නේ ලොරි 15 කි උපරිම 20 කි. රාත්‍රියට කුණු ගෙනියනකොට මාර්ග තදබදය අඩු නිසා සැමටම පහසුවකි, ඩිසල් ඉතුරුවකුත් වෙනවා
කුණු මෙච්චර වටිනා බව අදනේ දැන ගත්තේ... කණු කුණු ගගා ඉන්නේ නැතුව ඔය කුණු දවා විනාශ කරන යාන්ත්‍රණයක් ගැන අවධානය යොමු කළ යුතුයි. කුණු ගොඩ ගසා ගැනීමෙන් කොහොමද ප්‍රශ්නය විසඳෙන්නේ?
රෝසි නගර සභාවේ ටොයිලට් එකට අතදිගෑරලා වියදම් කළා නම් මුළු කොළඹ කුණු යවන්න කීයක් ගියත් මොකද? මුළු ලංකාවේම මිනිස්සු බදු ගන්න හදන්නේ.. හොඳ ආදායමක් තියෙනවනේ.
නිදහසින් පස්සේ අවුරුදු 70කටත් වැඩිය රට කරවලා දැන් ගෙනැල්ලා තියන තැන පේනවනේ... හරියට කුණු ටිකවත් දාගන්න තැනක් නෑ. හැබැයි 21 වැනි සියවසේ සංවර්ධනය, තාක්ෂණික විප්ලවය, හරිත විප්ලවය, අර විප්ලවය මේ විප්ලවය කියලා ලොකු ටෝක් නම්දෙනවා.
ඉන්නම හිතෙන රටක්...
දවසකට එක ලොරියක ගෙනියන්න පුළුවන් ටොන් 15 නම් ඒ වගේ ලොරි 30කින් ගෙනියන්න පුළුවන් ටොන් 450.. එතකොට දවසකට අලුතෙන් එකතුවෙන ටොන් 600 න් ටොන් 150 ඉතුරුවෙනවා ගෙනියන්න බැරුව...
යුරෝපේ බර්ලින්, ෆ්රන්ක්ෆෙර්ට්, පැරිස් වගේ නගරවල කොළඹට වැඩිය වැඩියෙන් කුණු එකතුවෙනවා. ඔවුන් එම කුණු අරගෙන රට වටේ ගෙනගොස් ගබඩා කරන්නේ නැහැ. එහෙ කරන්නේ දිරායන කොම්පොස් ලෙස භාවිතාකර හැකි කුණු, කඩදාසි, පොලිතීන් සහ ප්ලාස්ටික් සහ ලෝහ ලෙස වෙන් කරනවා. ඊට පස්සේ දිරායන කුණුවලින් කොම්පෝස්ට් හදනවා කඩදාසි නැවත ප්‍රතිචක්‍රීකරණය කර කඩදාසි හදනවා. ප්ලාස්ටික්, පොලිතීන්, ලෝහ නැවත ප්‍රතිචක්‍රීකරණය කරනවා. අන්තිමට ඉතුරුවෙන ටික දහනාගාරවල දහනය කරනවා. පිටවන විෂ දුම් අවම වනලෙස... හොඳම දෙය රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් යුරෝපයේ එවැනි දියුණු රටක් සමග සාකච්ඡා කර එවැනි පද්ධතියක් කොළඹට එම රටක සමාගමක් මගින්ම සැලසුම් කර ඉදිකර ගැනීම... සමහරවිට එම රටකින් එවැනි දෙයකට යම් සහනාධාරයක් ලබාගන්න බැරි වෙන එකක් නැහැ. දැනට ලොරිවලින් පුත්තලමට කුණු ගෙනිහින් ගොඩ ගහනකොට පරිසරයට ඩිසල් දුම් කොපමණ එකතුවෙනවද? විශාල පරිසර විනාශයක් වෙනවා. එම රටවල ලංකාවෙන් යවලා තානාපතිවරු ඉන්නවනේ? ඔවුන්ට පුළුවන් සාකච්ඡා කර මේ ගැන හොයලා බලන්න. ඇත්තටම මට බලයක් තිබෙනවා නම් මම මේ ගැන එම රටවල වගකිව යුතු කෙනෙක් සමග සාකච්ඡා කරලා බලනවා.
අනේ කුණු වලිනුත් කනවා. මොකක්ද මේ රට.. මේවායින් කොමිස් ගහලා දරුවන්ට කන්න දෙන්න පුළුවන්ද අප්පා හිතේ සැනසීමෙන්...? පුදුම පාලනයක්නේ මේක... රටේ නායකයින්ට මේ අපරාධ පේන්නේ නැද්ද?
කොළඹ කුණු වියදම විතරක් එක බිලියන තුන බිලියන විසි දෙක දහස් තුනක්ද? රෝසි ඇන්ටි මොනවද කරන්නේ...?
සාමාන්‍යයෙන් කෑම වෙන්කරලා ගන්නවා නම් පොහොර ලෙස දවස් 3-4 කින් දිරාපත් වෙලා එහි පරිමාව 90%න් විතර අඩුවෙනවා. ප්ලාස්ටික් වෙනම අසුරුවොත් හරි අාවම පරිමාවක් ගන්නවා. දැනටමත් කොළඹ පිහිටි හෝටල් කිහිපයක කෑම, ප්ලාස්ටික්, දිරන කොළ ලෙස වෙන්කිරීම කරනවා... ඇයි මේ සරල ක්‍රම තියෙද්දී අධික වියදම් දේ වලට යන්නේ? පාගාගන්න, මහජන දේපොළ හොරාකන අය ඊළඟ ආත්මේ ඉපදෙන්නේ අප්‍රිකාවේ... මේ ආත්මේ පලදුන්නු අය දැනගන්න ඕනේ නම්... දේශපාලකයන් කිහිපදෙනෙකුගේ අවසාන කාලේ හොයලා බලන්න.