(හර්ෂණ තුෂාර සිල්වා)
ශ්‍රී ලංකා යුද හමුදාව අඛණ්ඩව නවවැනි වරටත් සංවිධානය කළ ‘කොළඹ ආරක්ෂක සමුළුව’ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) ආරම්භ විය.
‘සමකාලීන ආරක්ෂක වටපිටාව තුළ විකාශනය වන හමුදාමය විශිෂ්ටත්වය’ යන තේමාව යටතේ මෙවර ‘කොළඹ ආරක්ෂක සමුළුව 2019’ පැවැත්වේ.
සමුළුවේ ආරම්භක සැසිවාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සැසියේ පිළිගැනීමේ කතාව කළේය.
ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) ශාන්ත කෝට්ටේගොඩ මහතා ඉන් පසුව අදහස් දැක්වීය. හවායිහි ආරක්ෂක අධ්‍යයන මධ්‍යස්ථානයේ ආදී විද්‍යාර්ථියකු, මාධ්‍යවේදියකු, ව්‍යවසායකයකු, හමුදා ඉතිහාසය පිළිබඳ ග්‍රන්ථ රචකයකු සහ උපායමාර්ගික කටයුතු පිළිබඳ විශ්ලේෂකයකු වන නිතින් ඒ ගෝකලේ මහතා ආරම්භක සැසියේ මුඛ්‍ය දේශනය පැවැත්වීය.
දෙදිනක් මුළුල්ලේ පැවැත්වෙන ‘කොළඹ ආරක්ෂක සමුළුව’ සැසිවාර හතකින් සමන්විතය. දෙවැනි දිනයේ තෙවැනි සැසිවාරයේදී සමුළුවට සහභාගී වන්නන්ගේ ඉදිරිපත් කිරීම් කෙරෙන අතර එදින අවසන් සැසියේදී විශේෂඥ මඬුල්ලක් ඔවුන්ගේ අදහස් දැක්වීම් කිරීමට නියමිතය.
සමකාලීන ආරක්ෂක වටපිටාව: ගැටුම් හෝ සහයෝගීතාව, ත්‍රස්තවාදය මැඬලීම, හමුදා නවීකරණය, සමකාලීන ආරක්ෂක වටපිටාව තුළ හමුදාව සූදානම් කිරීම යන උප මාතෘකා යටතේ සැසිවාර පැවැත්වේ.
ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය අමල් ජයවර්ධන , විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් එච්.එම්.ජි.එස්. පලිහක්කාර , බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ආචාර්ය හරින්ද්‍ර විදානගේ , හිටපු තානාපති, එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය සරලා ප්‍රනාන්දු , පාත් ෆයින්ඩර් පදනමේ ඉන්දු- ලංකා සබඳතා පිළිබඳ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ උපදේශක සභාවේ සාමාජික සහ චීනයේ සිචුවාන් විශ්වවිද්‍යාලයේ සහ ලෙෂාන් විශ්වවිද්‍යාලයේ ආරාධිත මහාචාර්යවරයකු මෙන්ම චීනයේ හයිකුහි දකුණු චීන මුහුදු අධ්‍යයන පිළිබඳ ජාතික ආයතනයේ අතිරේක මහාචාර්යවරයෙකු වන අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ (විශ්‍රාමික) යන මහත්ම මහත්මීන් ඇතුළු දෙස් විදෙස් දේශකයන් 25කට වැඩි පිරිසක් මෙහිදි අදහස් දැක්වීමට නියමිතය.
රටවල් 40කට වැඩි සංඛ්‍යාවක් නියෝජනය කරමින් හමුදා හා හමුදා නොවන 800කට ආසන්න පිරිසක් මෙම සමුළුවට සහභාගී වී සිටිති.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් ඇතුළු ආරක්ෂක ප්‍රධානීන්, තානාපතිවරුන් මහ කොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, විද්‍යාර්ථීන් ඇතුළු පිරිසක් ආරම්භක සැසියට එක්ව සිටියහ. සමුළුව හෙටින් (30) අවසන් වේ.
(ඡායාරූප - ළහිරු හර්ෂණ )





2025 නොවැම්බර් මස 04
203
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2075
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1591
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘කොළඹ ආරක්ෂක සමුළුව 2019’ ඇරැඹේ
sirimal Thursday, 29 August 2019 08:12 AM
රටේ ආරක්ෂාවක් නැහැ කියලයි ඡන්දෙ ඉල්ලන සමහරු බෙරිහන් දෙන්නේ...
isuru Thursday, 29 August 2019 08:46 AM
මේවා මෙයා ඡන්ද ප්‍රචාරණ කටයුතු විදියට බාවිතා කිරීම සාදාචාරාත්මකද ? මොකද මෙයා කිච්වේ යහ පාලනේ ගෙනාවා කියල නේ. එකයි මට කණගාටු.
kamil Thursday, 29 August 2019 08:47 AM
මේවා දකින කොට මහින්ද 2ත් නොවේ.... 3...
jagath Thursday, 29 August 2019 08:49 AM
මෙයා සෝබන වැඩ වලින් මහින්දව පරදවලා ඉවරයි ....
upali Thursday, 29 August 2019 09:50 AM
ඔය ව්‍යාපෘතිය පටන්ගත්තේ ගෝඨා නොවේද?