IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිට හදිසි මාරුවක්

(තරිඳු ජයවර්ධන සහ නිමන්ති රණසිංහ)

කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් සිල්වා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මූලස්ථානයට මාරු කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි. 

ඉහළින් ලැබුණු නීති විරෝධී නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම නිසා නෙවිල් සිල්වා මහතාට මෙම ස්ථාන මාරුව ලබා දී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසයේ ආරංචි මාර්ගවලින් පැවසේ.

මීට සතියකට පමණ පෙර හෙරෙයින් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු මරා දමන ලෙස උසස් පොලිස් නිලධාරියකු උපදෙස් දුන් බවට කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් සිල්වා මහතා සටහන් දමා තිබෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. 

එම නියෝගය ක්‍රියාත්මක නොකළ නිසා ඔහු ස්ථාන මාරු කරන බවට උසස් පොලිස් නිලධාරියකු තර්ජනය කළ බව ද කියැවේ.

ඔහුගේ ස්ථාන මාරු නියෝගයේ සඳහන් කර ඇත්තේ සේවා අවශ්‍යතා මත ස්ථාන මාරු කරන බවයි. එහෙත් නෙවිල් සිල්වා මහතා ස්ථාන මාරු කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් අවසර ගෙන නැතැයි එම කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් පැවසීය.

පොලිස් මූලස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී එච් ජානක මහතා කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ධුරයේ වැඩ බැලීමට පත් කර තිබේ.
මෙම ස්ථාන මාරුවට එරෙහිව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ජාතික පොලිස් කොමිෂන් සභාවට අභියාචනයක් කිරීමට නියමිත බව ද දැනගන්නට තිබේ.  


මේ සම්බන්ධයෙන් කළ විමසීමේ දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ ස්ථාන මාරුව ලබා දී ඇත්තේ සේවා අවශ්‍යතාවක් මත බවයි. සැකකරුවකු ඝාතනය කිරීමට උපදෙස්දීමක් ගැන මෙතෙක් වාර්තා වී නැති බව ද ඒ මහතා කීවේය.



අදහස් (9)

කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිට හදිසි මාරුවක්

රවින් Thursday, 07 March 2019 07:16 AM

හා ඇත්තද? නෙවිල් සිල්වා මහත්තයා අළුගෝසු තනතුරට පත්කලාද? ඒ බව ඒ මහතා දන්නේ නැතුව ඇති. ඊයේ නේද පරවුර්තියක් තිබුනේ පොලිස් නිලදාරීන් නිත්‍යානුකුලව හා අවංකව වැඩ කලයුතුය කියලා. තව කසිප්පු ගැන කතා වකුත් තිබුනා වගේ මතකයි. සිල්වා මහත්තයා හෙට ගෙදර ගියත් තම හිතට එකඟව අවංකව වැඩ කලොත් තම දුදරුවන්ට හොඳ අනාගතයක් තියෙයි. නෙවිල් මහත්තයා , කරුණාකර නීති විරෝධී විධාන නිකුත්කළ නිලධාරියාගේ නම පොලිස් කොමිසමට දන්වන්න.

:       1       376

ජයරත්න Thursday, 07 March 2019 02:29 PM

රවීන් මහත්මයා, මේ රටේ බහුතරයක් දෙනා දැන් හැසිරෙන්නේ කතා කරන්නේ අලුගෝසුවෝ වගේ. තව ටික කාලෙකින් මිනී මස් කන්නත් පටන් ගනියිද දන්නේ නැහැ. මනුස්ස ජීවිතයක වටිනාකම දන්නැති සමාජයක්.

:       1       34

samadhi Thursday, 07 March 2019 07:47 AM

ඩයස්පෝරාවේ සල්ලිවලට කඩේ ගිහින් රණ විරුවෝ පවා දුන්න ගේබ්‍රියල් කුමන්ත්‍රණයේ කොටස් කරුවෙක්

:       450       201

Buddika Thursday, 07 March 2019 12:53 PM

මතක තියාගන්න පොලිසිය තියෙන්නේ ජනාධිපති යටතේ, එතකොට මාරු වීමට බලපෑම සම්බන්ධයෙන් එජාප ආණ්ඩුව නිදහස්

:       204       171

GihanThursday, 07 March 2019 02:12 PM

පොලිස් කොමිසම තියෙන්නේ එජාපය යටතේ. සියලු ඉහල මාරුවීම් පාලනය කරන්නේ ඔවුන්.

:       233       263

paranagamaFriday, 08 March 2019 05:59 AM

එහෙත් නෙවිල් සිල්වා මහතා ස්ථාන මාරු කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් අවසර ගෙන නැතැයි එම කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් පැවසීය.

:       1       1

Bandara Thursday, 07 March 2019 09:26 PM

ගිහාන් හරි

:       3       53

Sriyal Friday, 08 March 2019 05:03 AM

නෙවිල් සිල්වා මහතා තම සහෝදර නිලධාරීන් සමග එක්ව සුහදශීලී ආකාරයෙන් තම රාජකාරිය නිසි පරිදි ඉටු කරන මහත්මයෙකි. එම නිසා ඔහුට රාජකාරී වශයෙන් උසස් වීම් ද ලබා නොදුන්නේය. මහජනතාවට වෙස් මුහුණු දමාගෙන සිටින දේශපාලකයින් මොන කොමිසම තිබුනත් තම අවශ්‍යතාව සපුරා ගනී

:       2       78

visva Friday, 08 March 2019 05:14 AM

නෙවිල් සිල්වා මහතාට සුබ පැතුම්. පොලිසියේ ස.පො.අ. ලෙස ආරම්ඹ කල මෝඩ රාලලා හිතේ තියාගෙන ඉන්නේ උන් කියන හැම නීති විරෝධී දේම පොඩි එකා කලයුතු බවයි. කෝ පරීක්ෂක සංගමය මෙයට විරෝධය පාන්න බයද? නඩු දමන්න. තොරතුරු පොත බේරගන්න.

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 566 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 493 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 422 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site